නගරයේ උසම තැන සිට සුන්දරම දසුන් නරඹන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්නේ. දකුණු අර්ධගෝලයේ උසම observation deck එක, එහෙමත් නැත්නම් උසම නැරඹුම් ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ සුන්දර Melbourne නගරයේ බව දැනගෙන හිටියද? ඒ තමයි Melbourne Skydeck එක. මෙහි සිට ඉතාම දර්ශනීය වගේම නිතර නිතර වෙනස් වන දර්ශන නරඹන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම virtual සහ augmented reality technology භාවිත කරලා ලබා දෙන විස්මිත වගේම ත්‍රාසජනක අත්දැකීම් රැසක්ද මෙහිදී අත්විඳින්න පුළුවන්. ඒවා අතර;
- ගොඩනැගිල්ලෙන් පිටතට නෙරා ඇති විනිවිද පෙනෙන වීදුරු cube තුළ සිට ඔයාටත් මෙල්බර්න් වීදිවලට 300m ක් පමණ ඉහළින් සිටගෙන සිටින්න පුළුවන්.
- Voyager Theatre එකේ සම්මානලාභී virtual reality ‘pod’ chairs ඇති අතර එමඟින් අමුත්තන් 6D sensory immersion සමඟ ඇස් අදහාගත නොහැකි සුපිරි අධි-විභේදන 8K වීඩියෝ හරහා සුපිරි මෙල්බර්න් අත්දැකීම් 16 ක් ඔබ වෙතට ගෙන එනවා.
Melbourne Skydeck කියන්නේ ඔබ නැරඹිය යුතුම තැනක්. ඒ නිසා නගරයේ විශ්මයජනක දසුන් සහිත අමතක නොවන අත්දැකීමක් සඳහා හැකි ඉක්මනින් එහි යන්න අමතක කරන්න එපා.
සෑම දිනකම 12pm – 9pm
Location
Melbourne Skydeck
7 Riverside Quay
Southbank 3006
Contact details
Tel: 03 9693 8888
Email: admin@melbourneskydeck.com.au
Web: https://www.melbourneskydeck.com.au/
Book Online:
https://bookings.melbourneskydeck.com.au/BookingCat/Availability/?&parentcategory=WAF-WEBSITE%20
Image credit: whatson.melbourne.vic.gov.au