අද අපි කතා කරන්නේ ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන JSC ගැන.
මොනවාද මේ JSC?
JSC කියන්නේ Jobs and Skills Councils කියන එක. ඕස්ට්‍රේලියාවේ vocational education and training (VET) අංශය හැඩගැස්වීමේදී කර්මාන්තයේ භූමිකාව ශක්තිමත් කරන ප්‍රධාන ඒකකයක් ලෙස JSCs කටයුතු කරනවා.
JSCs කියන්නේ රජයන් සහ අධ්‍යාපන හා පුහුණු අංශය සමඟ හවුල්කාරිත්වයෙන් වැඩ කිරීම සඳහා සේවායෝජකයින් සහ වෘත්තීය සමිති එක් කරන කර්මාන්ත ප්‍රමුඛ සංවිධානවල එකතුවෙන් හැදුණු ලාභ නොලබන ජාලයක්. දත්ත සහ විශ්ලේෂණවලින් ඔබ්බට ආර්ථිකය තුළ කර්මාන්ත වල ඉදිරි දර්ශනයක් සැපයීම සඳහා JSCs, Jobs and Skills Australia සමඟ කටයුතු කරනවා.
JSCs ඔවුන්ගේ කර්මාන්ත අංශ සඳහා කුසලතා සහ ශ්‍රම බලකායේ අවශ්‍යතා හඳුනා ගැනීම, අධ්‍යාපන අංශ හරහා වෘත්තීය මාර්ග සැලසුම් කිරීම, සමකාලීන VET පුහුණු නිෂ්පාදන සංවර්ධනය කිරීම, පුහුණු සහ තක්සේරු පරිචය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත සහ පුහුණු සපයන්නන් අතර සහයෝගීතාවයට සහාය වීම වගේම ඔවුන්ගේ කර්මාන්තවලට බලපාන ගැටළු පිළිබඳ බුද්ධි මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරනවා.