කලින් අපි කතා කළා අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය මූලික පියවර හැම එකක්ම. මේ article එකේ සිට අපි පියවරෙන් පියවර කතා කරන්නේ ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහා වැදගත්ම වෙන දේවල් ගැන. මේකත් පියවර කිහිපයක් යටතේ අපිට සලකා බලන්න පුළුවන්.
ව්‍යාපාරයක් ආරම්භ කරන එක සෑහෙන අභියෝගාත්මක දෙයක්. ඒ වගේම තමයි ව්‍යාපාරය ආරම්භ කලාට පසුවත් අපි පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමෙන් සිටිය යුතුයි. ඔයා ඒ විදිහට සූදානම් නැතිනම්, අනපේක්ෂිත සිදුවීම් වලින් ඔයාගේ business එකට බරපතල බලපෑමක් ඇති කළ හැකියි. ඔයාගේ business එක ශක්තිමත්ව, ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන සහ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට සූදානම්ව තබා ගැනීමට අනුගමනය කළ යුතු පියවර ගැනයි අපි මේ කතා කරන්නේ.
මේ article series එකේ අපි ආරක්ෂාව ගැන ප්‍රධාන පියවර 7ක් යටතේ කතා කරනවා. ඒවා තමයි;
- අවදානම් කළමනාකරණය
- Cyber ආරක්‍ෂාව
- මූල්‍යමය ආරක්‍ෂාව
- Brand එක සහ business එකේ කීර්තිනාමයේ ආරක්‍ෂාව
- නීති අනුගමනය කිරීම
- Business එකේ සේවකයන්ගේ ආරක්‍ෂාව
- හදිසි අවස්ථාවන් සඳහා සූදානම් වීම
ඉතින් මේ එක එකක් යටතේ අවශ්‍ය හැම ප්‍රධාන පියවරක්ම අපි විස්තර් සහිතව කතා කරනවා. ඒ වගේම ඔයගේ ව්‍යාපාරයේ ආරක්ෂාව ගැන සලකා බැලිය යුතු හැමදේම අඩංගු checklist එකකුත් අපි ඔයාට දෙනවා.
ඉතින් දිගටම sannasa.com.au අපේ webpage එකත් එක්ක එකතු වෙලා ඉන්න.