ඉතා පහසුවෙන් ගෙදරටම එන Visa

  • Home
  • /
  • Blog
  • /
  • ඉතා පහසුවෙන් ගෙදරටම එන Visa

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට යන්න visa අයදුම් කරන විදිහ ගැන අපි කලින් articles කිහිපයකින්ම කතා කළා. අද කියන්නේ වීසා අනුමත කරන ලද විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න ආකාරය ගැනයි

ඔයා අයදුම් කරපු ETA සඳහා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔයාට සෘජුවම දැනුම්දීමක් කරනවා.

කොන්සල් ජනරාල් කාර්යාලයට ඉදිරිපත් කරපු අයදුම්පතක, වීසා බලපත්‍රය සඳහා අනුමැතිය ලබා දුන් විට, ඒ බව කොන්සල් ජනරාල්වරයා විසින් ඔයාට email පණිවිඩයක් හරහා දැනුම් දෙනවා.

වීසා බලපත්‍රය සමඟ අනුමත කරන ලද විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා කලින් වෙලාවක් වෙන් කරවා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 9:15 – 9:30 හෝ ප.ව. 1:30 – 1:45 අතර කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ගිහින් ඔයාගේ  passport එක ලබාගන්න පුළුවන්. 

ඔබගේ visa stamped passport එක ලබා ගැනීම සඳහා, අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී කොන්සල් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද receipt රැගෙන යන්න අමතක කරන්න එපා.

වෙනත් පාර්ශවයක් විසින් ඔයාගේ visa stamped passport එක ලබා ගන්නවානම්, ඔයා අවසර පත්‍රයක් සහ කොන්සල් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද receipt එක passport එක ලබාගන්න එන පුද්ගලයා අත එවිය යුතුයි.

ඔබගේ visa stamped passport එක ලියාපදිංචි තැපෑලෙන් ලබා ගැනීමට කැමති නම, passport number, application reference number, සහ තැපැල් ලිපිනය සමඟ mail@slcgmel.org වෙත email එකක් යවන්න. ඔයාගේ passport එක තැපැල් කළ පසු, tracking number එක ඔයාට email එකකින් එවනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025