12 වසරට වැරදි subject උගන්වපු පාසල් මෙන්න

  • Home
  • /
  • News
  • /
  • 12 වසරට වැරදි subject උගන්වපු පාසල් මෙන්න

බ්‍රිස්බේන්හි වඩාත්ම කීර්තිමත් පාසලක් ද ඇතුළුව ක්වීන්ස්ලන්තයේ උසස් පාසල් 8ක, 12 ශ්‍රේණියේ සිසුන්ට වැරදි ancient history විෂයක් ඉගැන්වූ බව සොයාගෙන තිබෙනවා. මෙය සොයාගත්තේ ඔවුන්ගේ තීරණාත්මක අවසාන විභාගයට දින කිහිපයකට පෙර වීමත් කනගාටුවට කරුණක්.

සිසුන්ට ජූලියස් සීසර් ගැන ඉගෙන ගැනීමට නියමිතව තිබුණත්, ඒ වෙනුවට ඔගස්ටස් සීසර් පිළිබඳ මාතෘකාවක් ඉගැන්වූ අතර, බදාදා ATAR ලකුණු සඳහා ද බලපාන අවසාන විභාගයට දින දෙකකට පෙර ගුරුවරුන් විසින් දෝෂය හඳුනා ගෙන තිබෙනවා.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු Courier Mail වෙත පැවසුවේ ඔවුන් වැරැද්ද ගැන දැඩි ලෙස කණගාටු වන අතර මෙම කාලය තුළ සිසුන්ට සහ පවුල්වලට සහාය දක්වන බවයි.

අවම වශයෙන් තවත් පාසල් 7ක් පමණ එම වැරැද්දම කර ඇති බව පසුව අනාවරණය වූ බව Courier Mail වාර්තා කළ අතර, එය ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ද අවධානයට ලක් වී තිබෙනවා.

“මෙය ප්‍රමාණවත් නොවන බව මම Queensland Curriculum and Assessment Authority (QCAA) වෙත ඉතා පැහැදිලිව පවසා තිබෙනවා” යනුවෙන් අමාත්‍ය John-Paul Langbroek පැවසුවා.

“විෂය නිර්දේශ වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා QCAA පාසල් සමඟ සන්නිවේදනය කරන ආකාරය පිළිබඳව කඩිනමින් විමර්ශනය කරන ලෙස මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා. මෙය බලපෑමට ලක් වූ සිසුන්ගේ සමස්ත grade එකට බලපාන්නේ නැති බව සහතික කරන ලෙස මම QCAA වෙතින් ඉල්ලා සිටිනවා. මගේ දෙපාර්තමේන්තුව සියලුම සිසුන්ට සහ පවුල්වලට සහාය ලබා දීම දිගටම කරගෙන යනවා.”

2024 අවසාන විභාගයේ මාතෘකාව ඔගස්ටස් සීසර් වූ නමුත් මෙම වසරේ එය ජූලියස් සීසර් ලෙස වෙනස් කර තිබෙනවා.

QCAA ප්‍රධාන විධායක නිලධාරී Claude Jones ABC Brisbane වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිදු සිසුවෙකුට අවාසියක් නොවන බව සහතික කිරීම සඳහා ඔවුන් පාසලට සහාය දක්වන බවයි.

Ancient History බාහිර විභාගය සඳහා අදාළ මාතෘකාව පිළිබඳව මාස 12 කට පෙර පාසල්වලට දැනුම් දුන් බව ඔහු පැවසුවා.

“මෙම විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේදී අපගේ තක්සේරු විශේෂඥයින් අතිරේක quality assurance processes එකක් යොදනු ඇත” ඔහු පැවසුවා. සෑම සිසුවෙකුටම සාධාරණ හා නිවැරදි ප්‍රතිඵල ලැබෙන බව සහතික කිරීමට QCAA කැපවී සිටිනවා.”

Brisbane State High School එක ප්‍රාන්තයේ වඩාත්ම කීර්තිමත් රාජ්‍ය පාසල්වලින් එකක්.

Don't forget to share this post!

Recent Posts

548
October 30, 2025