පිටකොටුව පාරෙන් රස කෑමක් කමුද?

  • Home
  • /
  • Blog
  • /
  • පිටකොටුව පාරෙන් රස කෑමක් කමුද?

මෙල්බර්න් වල හොඳම ශ්‍රී ලාංකික ආහාර රස විඳින්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ තමයි ‘Pettah Road’ කියන Restaurant එක. 

මේ Restaurant එක ගැන කියනවානම් සැබෑම ශ්‍රී ලාංකික අත්දැකීමක් ලබාගන්න පුළුවන් ඉතාම අලංකාර තැනක්. කෑම විතරක්ම නෙවෙයි මෙහි පරිසරයත් ඔයාව සම්පූර්ණ ශ්‍රී ලාංකික අත්දැකීමකට අරගෙන යාවි. ඉතා අලංකාර විදිහට දැව වලින් නිර්මාණය කරපු නිස්කලංක පරිසරයක් Pettah Road තුල තිබෙනවා.

Starters විදිහට Fish Cutlets, Lamb පොල් රොටි, Ceylonese Bruchchetta, මාළු ඇඹුල් තියල්, Pan Rolls ආදිය වගේම Platters & Bites Specials විදිහට Devilled Chicken, Devilled Prawns, Devilled Beef/ Lamb/ Fish, Pepper Pork, Hot Buttered Calamari, Pettah Fried Rice, Vegetable Chopsy, Lamprais, Chicken Curry සහ Lamb Curry සමග බිත්තර රොටි, බිරියානි, Sea Food Nasi Goreng ඇතුළු තවත් බොහෝ දේ රස විඳින්න පුළුවන්. 

ඒ වගේම ඔයා කැමතිම Sri Lankan Curries ගොඩාක් Pettah Road වෙතින් රස බලන්න පුළුවන්. ඒ අතර Grandma’s Chicken, Lamb, Beef, Black Pork වගේ Non-Veg Curries වගේම පරිප්පු, කඩල, අල, අල බැදුම්, කජු, කළු පොල් වට්ටක්කා, පොළොස් ආදී Veg Curries සහ, මාතර මාළු Curry, මීගමුවේ Crab Curry, දැල්ලෝ, යාපනයේ ඉස්සෝ Curry වගේ රට පුරාම රස ගෙනෙන Seafood ගොඩක් රස බලන්න පුළුවන්. 

ඒ විතරක් නෙවෙයි Lamb Shank, Beef Scotch Fillet, කොත්තු, ආප්ප ආදී ඔයා කැමති ඕනෑම කෑමක් මෙහිදී රස විඳින්න පුළුවන්.

ඒ වගේම සුන්දර ස්ථානයේ ඔයාගේ Function එකක් Event එකක් රසවත්ම කෑම බීම සමග හරි අපූරුවට සංවිධානය කරන්න පුළුවන්. 

ඉතින් ඔයත් මිහිරි ශ්‍රී ලාංකික රස විඳගන්න කැමතිනම් Hawthorn වල Burwood පාරේ හෝ Preston වල Murry පාරේ තියන ‘Pettah Road’ restaurant එකකට අදම යන්න.

Locations

Pettah Road – Cafe, Restaurant & Beer Garden

549 Burwood Road

Hawthorn VIC 3122

 

Pettah Road Northland

C-26/2-50, Murry Road

PRESTON VIC 3072

Website: www.pettahroad.com.au 

 

Image credit: www.pettahroad.com.au  

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025