හෙටට යෙදෙන Halloween දිනෙත් එක්ක ලෝකේ පුරාම සිටින බොහෝ දෙනෙක් ත්‍රාසය භීතිය පිරුණු අත්දැකීම් එක්ක එකතු වෙලා සිටිනවා. ඉතින් ඒ විදිහේ ත්‍රාසජනක අත්දැකීමක් ලබාගන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්නේ.
අඳුරු වැටුණ පසු පැරණි Melbourne Gaol වල දශක ගණනාවක් තිස්සේ ඇහෙන දකින පැහැදිලි කළ නොහැකි දර්ශන, ශබ්ද සහ හමුවීම් පිළිබඳ ඇඟ සීතල වෙන කතා අහන්න සූදානම් වෙන්න. මේක සුළු දේටත් බය වෙන අයට සුදුසු නොවන සංචාරයක් බවත් මතක තබාගන්න.
අවතාර! ඔයත් හොල්මන් අවතාර ගැන විස්වාස කරනවද? විස්වාස කරන නොකර හැමෝටම අත්දැකීමෙන් විඳගන්න පුළුවන් මේ අවස්තාව තමයි ‘Ghosts? What Ghosts! Night Tour’ එක. මේකට සහභාගී වෙන නිර්භීත හැමෝටම සිරගෙයි සීතල ගල් බිත්ති හරහා අද්භූත අත්දැකීම් සමුදායකට ගෙන යනවා.
මෙම අද්විතීය හොල්මන් අත්දැකීම මෙහෙයවනු ලබන්නේ සිරගෙයි අඳුරු ඉතිහාසය පිළිබඳ හොඳ දැනුමක් ඇති පළපුරුදු මාර්ගෝපදේශකයින් විසින්. මෙහිදී ඔයාට පැහැදිලි කළ නොහැකි, අද්භූත සහ හොල්මන් පිළිබඳ කථා රැසක් අත්දැකීමෙන්ම විඳගන්න පුළුවන්.
මෙම රාත්‍රී සංචාරය අඳුරේ පවත්වනු ලබන අතර සීමිත අවකාශයක් තුළ පමණක් සිදු කෙරෙනවා. ඒ වගේම මීට සහභාගී වන අයට සුදුසු පාවහන් පළඳින ලෙස නිර්දේශ කර තිබෙනවා. වයස අවුරුදු 12 සහ ඊට අඩු වයසේ ළමුන් සඳහා මේක සුදුසු බවට නිර්දේශ කරන්නේ නැහැ.
Date & Times
Wed 29 Oct – 8 pm – 9 pm
Thu 6 Nov – 8 pm – 9 pm
Thu 20 Nov – 8 pm – 9 pm
Wed 26 Nov – 8 pm – 9 pm
Location
Old Melbourne Gaol
377 Russell St
Melbourne 3000
Price and bookings
Adult / general – $45
Senior – $40
Student/concession – $40
Contact details
Tel: 03 9656 9889
Email: bookings@nattrust.com.au
Web: https://www.oldmelbournegaol.com.au/event/ghosts-what-ghosts-tour/