ඕනෑම කෙනෙක් කුලියට නිවසක් කාමරයක් ලබා ගන්නකොට කුලී බැඳුම්කරයක්, එහෙමත් නැත්නම් rental bond එකක් ගෙවනවා. මේ rental bond එක කියන්නේ කුලී ගිවිසුම ආරම්භයේදී ගෙවන ආරක්ෂක තැන්පතුවට.
ඔයාගේ බැඳුම්කර මුදල් ඔයාට අදාළ state එකේ හෝ territory එකේ rental authority එක විසින් තබා ගත යුතු අතර, මෙය official forms භාවිතා කර සකස් කර තිබෙනවා. මේ මගින් තමයි ඔයාව සහ ඔයාගේ බැඳුම්කර මුදල් නීත්‍යානුකූලව ආරක්ෂා කරන්නේ.
ඔයාට තවදුරටත් ගෙවන්න කුලී මුදල් ඇත්නම් හෝ ඔයා වගකිව යුතු යම් හානියක් සිදුවී ඇත්නම් මිස, ඔයා දේපළෙන් පිටව යන විට මෙම බැඳුම්කරය ඔයාට ආපසු ගෙවනවා.
ඔයා විශේෂයෙන්ම මතක තබාගත යුතු දෙයක් තමයි, ඔයා ගෙවිය යුතු එකම ගාස්තු වෙන්නේ ඔබ lease එක (කොන්ත්‍රාත්තුව) අත්සන් කිරීමෙන් පසු ගෙවන සති හතරක කුලිය සහ bond එක පමණයි. ඔයා පදිංචියට යාමට පෙර “background check” එකක් හෝ “inspection fee” එකක් වැනි දේවල් සඳහා පෙර ගාස්තු ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒ වගේම අවධානයෙන් සිටය යුතු තවත් වැදගත් අවස්ථා කිහිපයක් ගැන බලමු.
ඔයා share house එකකට join වෙනවා කියලා හිතන්න. මෙතනදී ඔයත් සමග සිටින අනෙක් කුලී නිවැසියන්ගෙන් අයෙකු (නිවාස සගයා) ඔබට බැඳුම්කරය කෙලින්ම ගෙවන ලෙස ඉල්ලා සිටිනවා නම්, මේ වගේ අවස්ථාවක ඔයාගේ මුදල් නීත්‍යානුකූලව ආරක්ෂා නොවෙන බව මතක තබාගන්න.
ඒ වෙනුවට අදාළ forms භාවිතා කරන්න. ඒ වගේම ඔයාගේ housemate, lease agreement එකට ඔයාගේ නම එකතු කිරීමට දේපළ වෙළඳාම් නියෝජිතයා හෝ ඉඩම් හිමියා සම්බන්ධ කර ගන්නා බවටද ඔයා සහතික විය යුතුයි.
ඔයා පෞද්ගලික කුලී ගිවිසුමක් යටතේ ඉඩම් හිමියෙකුගෙන් සෘජුවම නිවසක්/ කාමරයක් කුලියට ගන්නවා නම්, නිවාස හිමියා ඔයාගෙන් official bond form එකක් පුරවන ලෙස ඉල්ලා සිටිය යුතුයි. ඔයා අදාළ නිවසට/ කාමරයට පදිංචියට ගොස් දින 10ක් ඇතුළත ඔවුන් local rental bond authority එකට එම form එක ඉදිරිපත් කළ යුතු අතර මෙය සිදු කළ බව පෙන්වීමට රිසිට්පතක් ඔයාට ලබා දිය යුතුයි.
එසේ නොකිරීම නීතිමය වරදක්. ඒ නිසා ඔයාට එය නොලැබෙන අවස්තාවකදී අනිවාර්යයෙන්ම එය කතා කර ඉල්ලා ගැනීම වැදගත්.
මේ විදිහට නිසි ක්‍රියා පිළිවෙල අනුගමනය කිරීමෙන් ඔයා සිටින ඕනෑම ස්ථානයක දී ඔයාගේ වගේම ඔයා ගෙවන මුදල් වලත් ආරක්ෂාව තහවුරු වෙනවා.