ප්‍රධාන supermarkets වල online prices පිළිබඳ අධ්‍යයනයක් මගින් වැඩිය කවුරුත් නිරීක්ෂණය කරන්නේ නැති දෙයක් හොයාගෙන තිබෙනවා. ඒ තමයි supermarkets වලින්, සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ලබා දෙනවාට වඩා දෙගුණයක් පමණ price discounts සහ multi-buy deals, junk food සඳහා ලබා දෙන බව.
එංගලන්තයේ සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන වර්ග සඳහා multi-buy සහ buy one – get one free වැනි විශේෂ දීමනා තහනම් කිරීමත් සමග මේ පිළිබඳව කතා බහක් ඇති වුණා.
මෙම පර්යේෂණ ප්‍රතිඵලත් සමග, ඕස්ට්‍රේලියාව එංගලන්තයේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා.
2019 දී, Deakin විශ්වවිද්‍යාලයේ Global Centre for Preventive Health and Nutrition (GLOBE) පර්යේෂකයන් වසරක් පුරා ඕස්ට්‍රේලියාවේ විශාලතම සුපිරි වෙළඳසැල්වල ආහාර 1,600 කට ආසන්න ප්‍රමාණයක online prices සතිපතා අධ්‍යයනය කළා.
ඔවුන්ගේ අධ්‍යයනයෙන් හෙළි වූයේ ඕනෑම සතියක, සෞඛ්‍යයට අහිතකර ආහාර වලින් 29% ක් පමණ වට්ටම් හෝ විශේෂ මිල ගණන් යටතේ ලබා දී ඇති බවයි.
නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා එනම්, පාන්, muesli, ඕට්ස්, ටින් කළ රනිල කුලයට අයත් බෝග, ශීත කළ එළවළු සහ අඩු සීනි මට්ටමක් සහිත breakfast cereals සඳහා එම අගය 15% ක් පමණ වෙනවා.
මෙම සොයාගැනීම පිලිබඳ මෙම වසරේ කළ සමාලෝචනයකින්ද සමාන ප්‍රතිඵල දක්වන බව GLOBE හි සහකාර අධ්‍යක්ෂ Adrian Cameron පවසනවා.
මෙම වසරේ සොයාගැනීම්වලින් පෙන්නුම් කළේ මේ විදිහට ප්‍රවර්ධනය කරන නිෂ්පාදන බොහෝ විට ඒවායේ නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලීන් නිසා විශාල පාරිසරික හානියක් ඇති කිරීමට ද හේතුවන බවයි.
සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන වර්ග සඳහා multi-buy සහ buy one, get one free විශේෂ දීමනා තහනම් කිරීම ඔක්තෝබර් 1 වන දින සිට එංගලන්තයේ ක්‍රියාත්මක කෙරුණා.
මෙම පියවර වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ නමුත් ජීවන වියදම් අර්බුදය හේතුවෙන් ප්‍රමාද වුණා.
වේල්සය ලබන වසරේ මීට සමාන සීමාවන් හඳුන්වා දෙන අතර ස්කොට්ලන්තය ද නීති සම්පාදනය කරන බව පවසා තිබෙනවා.
Australia’s Food for Health Alliance (කලින් Obesity Policy Coalition ලෙස හැඳින්වූ) සඳහන් කරන්නේ මෙලෙස ලබා දෙන price discounts සහ multi-buy promotions බොහෝ විට පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමට උදව් කිරීමට වඩා සිත්ගන්න සුළු දේවල් මිලදී ගැනීමට පොළඹවන බවයි.
එහි Jane Martin ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටියේ එක්සත් රාජධානියේ ආදර්ශය අනුගමනය කරන ලෙස සහ සුපිරි වෙළඳසැල් සෞඛ්‍යයට අහිතකර ආහාර මිලදී ගැනීමට මිනිසුන් පොළඹවා ගැනීම නවත්වන ලෙසයි.
මිල-ප්‍රවර්ධනය කරන ලද නිෂ්පාදන මිලදී ගැනීම් ඒවා එකතු කර ගබඩා කිරීමට සහ එම නිෂ්පාදනවල සමස්ත පරිභෝජනය වැඩි කිරීමට හේතු වන බව පර්යේෂණවලින්හෙළි වන බව ය පැවසුවා.
2023 දී Cancer Council Victoria විසින් ඕස්ට්‍රේලියානුවන් 2,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කරන ලද සමීක්ෂණයක් පෙන්වා දෙමින් ඇය පැවසුවේ වැඩිහිටියන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකු පමණ සුපිරි වෙළඳසැලක සාප්පු සවාරි යන විට සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන ප්‍රවර්ධන දැක ඇති බවයි.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 2/3ක් පමණ discounts, ඔවුන් අදහස් කළ ප්‍රමාණයට වඩා සෞඛ්‍යයට අහිතකර ආහාර මිලදී ගැනීමට පෙළඹවූ බව පැවසූ අතර 38% ක් multi-buy offers අධික ලෙස එම භාණ්ඩ මිලදී ගැනීම සඳහා හේතුව ලෙස සඳහන් කළා.