කල් ඉකුත් වූ වීසා බලපත්‍ර ඇති ඕස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ immigration status එක විසඳා ගැනීම ඉක්මන් සහ පහසු කිරීම සඳහා අලුත් online support service එකක් දියත් කර තිබෙනවා.
මේකෙදි Status Resolution Officer කෙනෙක් නිවැරදි තොරතුරු සපයන්න ඔයාට උදව් කරනවා. මේ කණ්ඩායම සකස් කරලා තිබෙන්නේම ජනතාවට ඔවුන්ගේ immigration status එක විසඳා ගැනීමට සහ ඒ පිළිබඳව තිබෙන මානසික පීඩනය අවම කර ගැනීමට ආරක්ෂිත සහ ස්වේච්ඡා ක්‍රමයක් සැපයීමටයි.
ඔයාගේ visa බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම් හෝ ඔයාට Bridging visa E තිබෙනවා නම්, ඔයාට අලුත් online booking form එකක් හරහා ඔයාට පහසු වෙලාවක රහස්‍ය හමුවීමක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්.
Status Resolution Officers ලා Australian Border Force එකෙන් වෙන්ව තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මේ මාර්ගගත සහාය සේවාව හරහා පවත්වන සියලුම meetings ස්වේච්ඡාවෙන් තමයි පවත්වන්නේ.
ඔයාටත් මේ විදිහට appointment එකක් ලබාගන්න අවශ්‍යනම් පහත ලින්ක් එකෙන් රජයේ immi.homeaffairs.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න.
https://immi.homeaffairs.gov.au/what-we-do/status-resolution-service/meet-with-us
ඉතින් ඔයාගේ visa එකත් කල් ඉකුත් වෙලානම් හෝ වෙනත් ඒ සම්බන්ධ visa ගැටළුවක් තිබෙනවානම් විශ්වසනීය සේවාවක් සඳහා මේ පියවර ඉක්මනින් අනුගමනය කරන්න. ඕස්ට්‍රේලියාව තුළ ඔයාගේ අනාගතය එය මත රඳා පවතින්න පුළුවන්.
මේ appointment එක ලබා ගැනීම ගැන වැඩිදුර විස්තර තවත් article එකකින් අරගෙන එන්නම්.