මතු බුදුන් විවරණ ලැබූ ඉල් පොහොයේ වැදගත්කම

  • Home
  • /
  • Blog
  • /
  • මතු බුදුන් විවරණ ලැබූ ඉල් පොහොයේ වැදගත්කම

ශාසන ඉතිහාසයේ වටිනා සිදුවීම් රැසක් සිදු වූ ඉල් පොහොය අදයි. ලොව පුරා බොදු බැතිමතුන් දාන සීලාදී පුණ්‍ය කර්මයන් මුල් කරගෙන ඉමහත් බැති සිතින් මෙම පොහොය සමරනවා.

මතු බුදු වෙන මෛත්‍රී බෝධි සත්ත්වයන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර සහ තුන් බෑ ජටිලයන් දමනය, සැරියුත් මහා රහතන් වහන්සේ පිරිණිවනට පත් වීම, කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් පොහොය වීම ආදිය ඉල් ෆෝය දින සිදු වූ වැදගත් සිදුවීම් වනවා.

1 . මතු බුදු වෙන මෛත්‍රී බෝධි සත්ත්වයන් විවරණ ලැබීම

සංකස්ස  නුවර ඉපිද දිසාපාමොක් ඇඳුරු තුමාගෙන් ශිල්ප උගත් මෛත්‍රී මහා බෝධිසත්වයෝ වප් පුන් පොහෝ දින සිදු වුණු දෙවාවරෝහණයෙන් සහ බුදු රදුන් සහ සැරියුත් මහා තෙරුන් අතර කෙරුණු ධර්ම සාකච්ඡාවෙන් පැහැදී සම්බුදු සසුනේ පැවිදි බව ලැබුවා. පසුව චීවර මාසය අවසානයේ තමන් වාන්සේට ලැබුණු අගනා සිවුරු 2, එකක් බුදු රදුන් වැඩ සිටින සුගන්ධ කුටියේ වියනක් ලෙසද අනෙක තීරු ලෙස ඉරා වියන වට කොට බැඳ බුදු රදුන් වෙත පිදූහ. 

එලෙස මහා උතුම් පුණ්‍ය ක්‍රමයක් කොට වැඩ සිටි මෛත්‍රී හිමියන්, මේ මහා බද්‍ර කල්පයේම මෛත්‍රී ලෙස බුදු බව ලබන බව බුදු රජාණන් වහන්සේ රැස්ව සිටි භික්ෂූන් අමතා දේශනා කළා. එකල බරණැස් නුවර සංඛ නම් සක්විති රජෙක් රජ කරන කේතුමතී නම් නුවරක් වන අතර රජුගේ පුරෝහිත වන බ්‍රහ්ම නම් බමුණට සහ බ්‍රහ්මවතී නම් බැමිණියට දාව ඉපදී නා රුකෙන් බුදු වන බව ගෞතම මහා බුදු රජාණන් වහන්සේ එහිදී දේශනා කළා.

2 . ප්‍රථම ධර්ම දූත මෙහෙවර සහ තුන් බෑ ජටිලයන් දමනය

බුදු රජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා 60 නම ලොවට හිත සුව පිණිස ධර්ම දූත සේවයේ පිහිටවූයේ ද ඉල් පොහොය දවසකයි. එසේ දූත සේවයට පිටත් කර යවා උන් වහන්සේද උරුවෙල් දනව්ව්වේ ජටිල ස්සහොදරයන් වෙත වැඩම කොට උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000 ක් ජටිල පිරිස සසුන් ගත කරවීමට වැඩම කලෙත් ඉල් පුන් පොහොය දිනකයි.

3 . සැරියුත් මහා රහතන් වහන්සේ පිරිණිවනට පත් වීම

තමන් වහන්සේ සත් දිනකින් පිරිනිවනට පත් වන බව දැනගත් දකුණත් අගසව් සාරිපුත්ත මහා රහතන් වහන්සේ බුදු රදුන්ගෙන් අවසර ගෙන තම මවට දම් දෙසා ඇය සෝවාන් ඵලයට පත් කරීමට තම උපන් ගම වෙත වැඩම කලේද ඉල් පුන් පොහොය දිනකයි.

4 . කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් පොහොය වීම 

පසුවස් සමාදුන් වූ භික්ෂූන් වහන්සේ පසුවස් පවාරණය සිදු කරන්නේ ද ඉල් පුන් පොහොය දවසෙයි. කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් පොහොය වීමත් ඉල් පොහොයේ විශේෂත්වයක්.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025