ඉදුණු කෙස් කියන පිළිකා ගැන රහස

  • Home
  • /
  • Blog
  • /
  • ඉදුණු කෙස් කියන පිළිකා ගැන රහස

වයසට යාමත් සමග හිස කෙස් සුදු පැහැයට හැරෙන එක සාමාන්‍ය දෙයක්. ඇතැම් අයගේ වයස්ගත වීමට කලින් සිටම විවිධ හේතුන් මත සුදු හිසකෙන්, එහෙමත් නැත්නම් Gray hair දකින්න පුළුවන්. 

මේ සුදු වෙන හිසකෙස් සහ පිළිකා රෝගය අතර හරි අපූරු සම්බන්ධයක් සොයා ගන්න පර්යේෂකයෝ පිරිසක් මේ මෑතකදී සමත් වුණා. 

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ නව පර්යේෂණයකට අනුව, සුදු හිසකෙස් වයසට යාමේ ලකුණක් ම පමණක් නොවෙයි. මොකද ඒවා පිළිකාවට එරෙහිව ශරීරයේ ස්වාභාවික ආරක්ෂක යාන්ත්‍රණය පෙන්වන ආකාරයක් ද විය හැකි නිසා.

මේ පර්යේෂණය සිදු කෙරුනේ දරුණුතම skin cancer වර්ගයක් වෙන melanoma වටා. වේ පිළිකා වර්ගය ඇති වෙන්නේ අපේ සමී සහ හිසකෙස්වල වර්ණයට දායක වෙන melanin නිපදවන melanocytes කියන සෛල වර්ගය මගින්.

මේ melanocytes ඇති වන්නේ අපේ ඇගේ තිබෙන සෛල වර්ග repair කරන stem cells හරහායි.

Nature Cell Biology ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මේ stem cells, සමේ පිළිකා වර්ගයක් වන melanoma (මෙලනෝමා) වර්ධනය වීම වැළැක්වීම සඳහා ස්වයංව ඉවත් වී යන බවයි. මේ ඉවත් වී යාම කෙස් ගස් වල ස්වභාවික වර්ණය නැති වෙලා සුදු/ අළු පැහැයට හැරෙන්න හේතු වෙනවා.

Emi Nishimura සහ Yasuaki Mohri ප්‍රමුඛ පර්යේෂකයන් මෙහිදී හිසකෙස් සහ සමට වර්ණය ලබා දෙන වර්ණක සෛල වන melanocytes නිපදවීමට වගකිව යුතු stem cells විශ්ලේෂණය කළා.

මෙම stem cells වලට බරපතල DNA හානියක් සිදු වූ විට, ඒවා අලුත් වීම නවත්වා ස්වයංව විනාශ වී හානියට පත් සෛල බෙදීම හා පිළිකා විකෘති පැතිරීම වළක්වන බවත් ඔවුන් සොයා ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවලිය අළු හෝ සුදු පැහැති හිසකෙස් වලට මග පාදනවා.

සෛල ස්වයං-ඉවත් කිරීමට හේතු වන ප්‍රධාන සංඥා අණු හෙවත් signaling molecules සක්‍රීය කිරීම මගින් මෙම මෙහෙයවනවා. කෙසේ වෙතත්, UV B විකිරණ වැනි ඇතැම් පිළිකා කාරක වලට නිරාවරණය වීම යටතේ, එම stem cells අලුත් වීම සහ ප්‍රගුණනය වීම දිගටම සිදුවිය හැකියි.

පර්යේෂකයන් අවධාරණය කරන්නේ අළු හෝ සුදු හිසකෙස් පිළිකාවෙන් ඔබව සෘජුවම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක නොවන බවයි. නමුත් මෙම අධ්‍යයනය ශරීරයේ ආරක්ෂක පද්ධතිය, සෛල මිය යාම සහ පාලනයකින් තොරව වර්ධනය වීම වලක්වා සමතුලිත වන ආකාරය පිළිබඳ නව අවබෝධයක් ලබා දෙනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025