ප්‍රංශ ව්‍යවසායකයෙක් තම මංගල tuxedo එකේ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙන ඡායාරූප සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ වුණා.
මංගල වියදම් දැරීම පහසු නොවුනත් මේ මනමාලයා ඒ සඳහා පිළියමක් ලෙසයි මේ ක්‍රමය සොයාගෙන තිබෙන්නේ.
මුලදී මේක දහසක් විතරක් වුනත් brands මීට සම්බන්ධ වෙන්න එකඟ වීමත් එක්ක මේ අදහස සැබෑවක් වෙලා තිබෙනවා.
මේ අමුතු අදහස ක්‍රියාත්මක කරපු මනමාලයා තමයි ප්‍රංශ ජාතික ව්‍යවසායකයෙක් වන Dagobert Renouf.
ජූලි මාසයේදී, ඔහු නිවේදනය කළේ තම විවාහ මංගල්‍යයට අනුග්‍රහය දැක්වීමට අවස්තාව ලබාදෙන අතර ඒ සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙන බවයි.
සැහැල්ලු අත්හදා බැලීමක් ලෙස ආරම්භ වූ මේ අමුතු වැඩේ ඉක්මනින් ජනප්‍රිය වුණා. සති කිහිපයක් ඇතුළත, Dagobert Renouf ට ad spots බොහොමයක් විකුණා ගැනීමට හැකි වුණා.
ඔක්තෝබර් 25 වන දින ඔහුගේ විවාහ දිනය පැමිණෙන විට, “අනුග්‍රහය දක්වන ලද ඇඳුම” සම්පූර්ණ වී තිබුණා. ඔහු විවිධ startups 26 ක logos වලින් සරසා ඇති tuxedo එකක් පැළඳ විවාහ වුණා.
“අපගේ විවාහ මංගල්‍යය සඳහා අපට ගෙවීමට උදව් කළ startups 26 ට බොහෝ ස්තූතියි, එය ලස්සන දවසක්” යනුවෙන් Dagobert Renouf සටහන් කර තිබුණා.
මෙම අදහස ඉක්මනින් අන්තර්ජාලය හරහා අවධානය දිනාගත්තා. බොහෝ දෙනෙක් මනාලයාගේ නිර්මාණශීලිත්වය සහ අලෙවිකරණ බුද්ධිය අගය කළා.
තවත් අය දක්වා තිබුණේ තමන්ද මෙවැනි අවස්ථාවක් ලැබුණොත් අනුග්‍රහය දක්වන බවයි.
Image credit: www.facebook.com