ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය තුල දේශීය සිසුන්ට වගේම ජාත්‍යන්තර සිසුන්ටත් ප්‍රාථමික, ද්විතීයික සහ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා දෙනවා. ඉතින් ඔයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වුණත් නොවුණත් ඔයා/ ඔයාගේ දරුවා සඳහා ඕස්ට්‍රේලියාව තුළ හොඳම අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න පුළුවන්.
ඕස්ට්‍රේලියානු අධ්‍යාපනය ලොව අංක එකට ඒමට හේතු ගැන අපි කලින් කතා කළා. දැන් කියන්න හදන්නේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ ප්‍රධානම අදියරයන් ගැන. සාම රටකම වගේ ඔස්ට්‍රේලියාව තුළත් අධ්‍යාපනයේ මූලිකම වගේම ආරම්භක අදියර වෙන්නේ පාසල් අධ්‍යාපනය.
පාසල් (ප්‍රාථමික සහ ද්විතීයික)
tertiary level එකේ ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන්ගේ දරුවන් ද ඇතුළුව වයස අවුරුදු 5 සහ ඊට වැඩි ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනය ලබන්න පුළුවන්.
රජයේ සහ පෞද්ගලික පාසල් ඇතුළුව ලෝකයේ හොඳම පාසල් වලින් අධ්‍යාපනය ලබන්න ඔයාටත් අවස්ථාව තිබෙනවා. පාසල් ගාස්තු සහ ඇතුළත් වීමේ අවශ්‍යතා states සහ territories වල වගේම පාසල අනුවත් වෙනස් වෙනවා.
කාලය – සම්පූර්ණ අවුරුදු 13 ((Kindergarten/Preparatory සිට 12 වසර දක්වා)
වසරකට වාර – 4, එක් එක් වාරය අතර නිවාඩු (විවේක) සමඟ
ආරම්භක දිනය – ජනවාරි අග/පෙබරවාරි මුල