රත්තරන් බිත්තර, රත්තරන් කිකිළියෝ, රත්තරන් බිස්කට් ගැන අහලා තිබුණට රත්තරන් වැසිකිළියක් ගැන අහලා තිබුණද? මේ ලෝකයේ 2 වෙනි ඝන රන් වැසිකිළිය.
2019 දී Blenheim මාලිගයෙන් පළමු නිර්මාණය කිරීම සොරකම් කිරීමෙන් පසු දෙවන ඝන රන් වැසිකිළියක් වෙන්දේසි කිරීමට නියමිත වෙලා තිබෙනවා.
ඉතාලි සංකල්පීය කලාකරුවෙකු වන Maurizio Cattelan විසින් නිර්මාණය කරන ලද ‘America’ නමැති මේ fully functional toilet එක කැරට් 18 ඝන රත්තරන් 13lb (101.2kg) ට වඩා වැඩි ප්‍රමාණයකින් නිර්මාණය කර තිබෙනවා.
මෙම නිර්මාණයේ පළමු අනුවාදය මුලින් 2016 දී නිව්යෝර්ක් හි Guggenheim කෞතුකාගාරයේ පොදු නාන කාමරයක ස්ථාපනය කරන ලද නමුත් වසර 3කට පසු සොරුන් කණ්ඩායමක් එය Oxfordshire හි Blenheim වෙතින් සොරකම් කළා.
දැන් දෙවන රන් වැසිකිළියක් නිර්මාණය කර ඇති අතර, එය නොවැම්බර් 18 වන දින නිව්යෝර්ක් නගරයේ Sotheby’s හි දී අලෙවි කිරීමට නියමිතයි.
පළමු වැසිකිළිය Blenheim මාලිගයට ගෙන ගොස් ප්‍රදර්ශනය කිරීමට පෙර Guggenheim හි තිබියදී 100,000 කට අධික පිරිසක් භාවිතා කළ බවට ගණන් බලා තිබෙනවා.
2019 සැප්තැම්බර් 14 වන දින අලුයම, මිනිසුන් 5 දෙනෙක් කඩා වැදී, පවුම් මිලියන 4.8 ක ඝන රන් වැසිකිළිය සොරකම් කරගෙන Volkswagen Golf රථයකින් පලා ගියා.
මෙම මංකොල්ලය සහ ඉන් පසුව ඇති වූ නඩු විභාගය ලොව පුරා ප්‍රවෘත්තියක් බවට පත් වුණා.
Oxford හි 40 හැවිරිදි James Sheen, 2024 දී සොරකම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත්තා. ඒ වගේම Oxford හි 39 හැවිරිදි Michael Jones ද මාර්තු මාසයේදී සොරකම සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඔවුන් දෙදෙනාම මේ වසර මුලදී සිරගත කර තිබෙනවා.
Cattelan 2016 දී වැසිකිළි 3ක් නිර්මාණය කළ බව Sotheby’s හෙළි කර ඇති අතර, මෙලෙස විකිණීමට සූදානම්ව ඇත්තේ ඒවායේ දෙවැන්නයි.
මෙම දෙවන අනුවාදය නිව් යෝර්ක් හි Breuer ගොඩනැගිල්ලේ bathroom එකක ප්‍රදර්ශනය කෙරෙනවා.
වෙන්දේසි ආයතනය පවසන ආකාරයට ලොව ප්‍රථම වතාවට, කලා කෘතියක් සඳහා එහි බරෙහි රන්වල නිශ්චිත මිලෙන් ආරම්භක ලන්සුව තීරණය වෙනවා.
එනම්, අද අනුපාතයට විකුණනු ලැබුවහොත්, ඝන රන් වැසිකිළිය සඳහා ලංසු තැබීම USD 10 පමණ සිට ආරම්භ වෙනවා.
Image credit: www.threads.com