විව්ධාකරයේ රූපලාවන්‍ය ආලේපන අද වෙනකොට ලෝකය පුර ප්‍රසිද්ධයි. දශකයකට වැඩි කාලයක් සාම්ප්‍රදායික චීන ඖෂධීය ආලේපනයක් භාවිතා කිරීමෙන් ශරීරයේ දම්-රතු පැහැති සර්ප වෛරන් වලට සමාන රටා වර්ධනය වුණු චීන කාන්තාවක් ගැන පසුගිය දවස් වල අන්තර්ජාලය පුරා කතා වුණා.
pseudonym Tingting යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම 40 හැවිරිදි කාන්තාව ඔක්තෝබර් මාසයේදී Jiangsu පළාතේ Nanjing හි පිහිටි අග්නිදිග විශ්ව විද්‍යාලයීය Zhongda රෝහලට ඇතුළත් කරන තිබුණා. ඇය කිසි විටෙකත් වෘත්තීය ප්‍රතිකාර ලබා නොගෙන ස්වයං-ඖෂධ ලබා ගත් බව හෙළි කර තිබුණා.
ඇය සැලකිය යුතු ලෙස අධික බරින් යුක්ත වනවා පමණක් නොව, ඇගේ මුළු සිරුරම ආවරණය වන පරිදි පුළුල් දම්-රතු, සර්පයන් වෛරන් වැනි දිගු සලකුණු ද ඇති අතර අධි රුධිර පීඩනයෙන් ද පෙළෙනවා.
Tingting ට අනුව, ඇගේ දුෂ්කරතාව ආරම්භ වී ඇත්තේ වසර 10 කට පෙර ඇගේ දකුණු කකුලේ පහළ රතු ලප සහ කැසීම සමගයි. ඇය ඒවා කසීමත් සමග තුවාල ඉක්මනින් ඇගේ ශරීරය පුරා පැතිර ගොස් තිබෙනවා.
ඇය ඒ සඳහා විසඳුම ලෙස යොදාගෙන තිබුණේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රවර්ධනය කරන ලද skin cream එකක්. විකුණුම්කරු කියා සිටියේ ක්‍රීම් පිරිසිදු සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව යොදාගෙන සාදන ලද අතර සියලු වර්ගවල සමේ රෝග සුව කළ හැකි බවයි. එම නිෂ්පාදනයේ නම හෙළි කර නැහැ.