ආසියානු රස රැගෙන Street Food ලෝකයක්

  • Home
  • /
  • Art
  • /
  • ආසියානු රස රැගෙන Street Food ලෝකයක්

Street Food වලට කැමති ඔයාට ළඟදීම එන හොඳම අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. මේ තමයි මෙල්බර්න්හි විශාලතම ආසියානු වීදි ආහාර උළෙල වන Asia Street Food Festival එක.

ආසියාවේ විවිධ සම්ප්‍රදායන් පිළිබිඹු කරන රසවත් කෑම වර්ග රැසක් සමග වෙළෙන්දන් 40 කට අධික සංඛ්‍යාවක් මේ සමග එකතු වෙනවා. දක්ෂ දේශීය කලාකරුවන්ගේ රංගනයන් භුක්ති විඳිමින් රසවත් වගේම සුවඳ පිරුණු ආහාර පාරාදීසයක සැරිසරන්න ඔයත් මේ අවස්තාව මග හැර ගන්න එපා. ඒ වගේම විවිධ ජාතීන්ට අයත් සාම්ප්‍රදායික ජන ක්‍රීඩා වලට සහභාගී වෙන්නත් අවස්ථාව තිබෙනවා.

ඒ වගේම සෑම රාත්‍රියකම ඩොලර් 500 ක මහා මුදල් ත්‍යාගයක් ඇතුළුව අපූරු ත්‍යාග දිනා ගන්න ඔයත් ලස්සන සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසී එන්න.

ඒ විතරක් නෙවෙයි තවත් බොහෝ තෑගී දිනා ගැනීමට අවස්තාව තිබෙනවා.

 

Hours

Thu 4 Dec – Sun 7 Dec

5 pm – 11 pm

 

Location

Palm Lawn and Dorchester Lawn

Alexandra Gardens

3 Boathouse Dr

Melbourne 3004

 

Contact details

Tel: 0412 405 669

Email: info@asiaoasis.com.au 

Web: https://asiaoasis.com.au/

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025