විවිධ රටවලට ඒ ඒ රටට ආවේණික වුණු සංකේතාත්මක දේවල් තිබෙනවා. මේවා ස්වභාවික ස්ථාන වගේම අයිෆල් කුළුන, බර්ජ් කලීෆා වගේ වෙනස්ම වුනු ඉංජිනේරුමය නිර්මාණ වෙන්නත් පුළුවන්. මේ විදිහට ඕස්ට්‍රේලියාව කියපු ගමන් ලොව පුරා සෑම දෙනෙක්ගේම මතකයට නැගෙන මුල්ම දේ තමයි Sydney Opera House එක. මේක නිර්මාණය වුණ ආකාරය ගැන කවදා හරි අසා තිබෙනවද?
සිඩ්නි ඔපෙරා හවුස් එකේ සියලුම රුවල් එකතු කල විට ඒවා සම්පූර්ණ ගෝලයක් නිර්මාණය කරනවා. එහි ගෘහ නිර්මාණ ශිල්පී Jorn Utzon පවසන්නේ ඔහු දොඩම් ගෙඩියක් ලෙලි ගසමින් සිටියදී මෙම සංකල්පය ඔහුගේ සිතට ආ බවයි.
1956 තරඟයේදී Utzon ගේ නිර්මාණය මුලින් විනිසුරුවන් 3 දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කළ නමුත්, ඔහුගේ උත්සාහය 4 වන විනිසුරුවරයා වන සුප්‍රසිද්ධ ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පී Eero Saarinen විසින් තෝරා ගත්තා. ඒ වගේම එය විශිෂ්ට නිර්මාණයක් බවත් ඔහු ප්‍රකාශ කළා. මෙලෙස ඔහු තේරී පත් වුණේ අනෙකුත් තරඟකරුවන් 232ක් පරාජය කරමින්.
20 වන සියවසේ විශිෂ්ඨතම ගෘහ නිර්මාණයක් ලෙස සැලකෙන මෙය ඒ නිසාම UNESCO ලෝක උරුමයක් ලෙසද නම් කෙරුණා.
Image credit: www.youroperadaily.com