ලොව වැඩිම වැටුපක් ගන්න පුද්ගලයා මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • ලොව වැඩිම වැටුපක් ගන්න පුද්ගලයා මෙන්න

විවිධ රැකියා සඳහා විවිධ වැටුප් හිමි වෙනවා. සමහර රැකියා සඳහා ඉතා ඉහළ වැටුප් ලැබෙන බව සියලු දෙනාම දන්නා කරුණක්. නමුත් ලෝකයේ ඉහළම වැටුපක් ලබාගන්න පුද්ගලයා කවුරු කියලද ඔයා හිතන්නේ? 

ටෙස්ලා ප්‍රධානී Elon Musk සඳහා USD ට්‍රිලියන 1 ($1tn) කට ආසන්න වටිනාකමක් ඇති වාර්තාගත වැටුප් පැකේජයක් කොටස් හිමියන් විසින් අනුමත කර තිබෙනවා.

මේ පෙර නොවූ විරූ ගනුදෙනුව 75% ක ඡන්ද ප්‍රතිශතයකින් අනුමත කරන ලද අතර බ්‍රහස්පතින්දා පැවති එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි සිටි පිරිසගෙන් විශාල අත්පොළසන් නාදයක් ද Musk වෙත ලැබුණු බව සඳහන් වෙනවා.

දැනටමත් ලොව ධනවත්ම මිනිසා වන Musk, වසර 10 ක් තුළ electric car firm එකේ market value එක සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතුයි. ඔහු එම ඉලක්ක සපුරා ගතහොත්, ඔහුට නව කොටස් මිලියන සිය ගණනක් ලැබෙනවා.

මෙම ගෙවීම පිළිබඳව විවේචන එල්ල වුණත් Tesla board එක තර්ක කළේ එය අනුමත නොකළහොත් Musk සමාගමෙන් ඉවත් විය හැකි අතර ඔහුව අහිමි කර ගැනීමට සමාගමට නොහැකි බවයි.

නිවේදනයෙන් පසුව, ටෙක්සාස්හි ඔස්ටින් වල වේදිකාවට නැගපු Musk ඔහුට ලැබුණු ප්‍රතිචාර පිළිගෙන තිබුණා.

“අපි ආරම්භ කිරීමට යන්නේ Tesla හි අනාගතය පිළිබඳ නව පරිච්ඡේදයක් පමණක් නොව, සම්පූර්ණයෙන්ම නව පොතක්” යැයි ඔහු පැවසුවා.

තම ගෙවීම් උපරිම කර ගැනීම සඳහා ඉදිරි දශකය තුළ මස්ක් සතු කාර්යභාර අතරට ටෙස්ලා හි වෙළඳපල වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.4 සිට ඩොලර් ට්‍රිලියන 8.5 දක්වා ඉහළ නැංවීමත් ඇතුළත්.

ඔහුට self-driving Robotaxi මිලියනයක් වාණිජ මෙහෙයුම් සඳහා ලබා ගැනීමටද අවශ්‍ය වෙනවා.

නමුත් බ්‍රහස්පතින්දා ඔහුගේ මුල් ප්‍රකාශයන් Optimus robot කෙරෙහි අවධානය යොමු කළ අතර, එය සමාගමේ electric vehicle business එක නැවත පණ ගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට කැමති සමහර දිගුකාලීන විශ්ලේෂකයින්ගේ සහ ටෙස්ලා නිරීක්ෂකයින්ගේ බලාපොරොත්තු බිඳ දැම්මා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025