කලින් articles වලින් අපි කිව්වා job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන.
එකේදී අපි කිව්වා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටුවපු JSC 10ක් ගැන;
- BuildSkills Australia: ඉදිකිරීම්, දේපළ සහ ජල යටිතල පහසුකම්.
- Future Skills Organisation: මූල්‍ය, තාක්ෂණය සහ ව්‍යාපාරික සේවා.
- HumanAbility: සෞඛ්‍ය, වැඩිහිටි සත්කාර, ළමා අධ්‍යාපනය සහ රැකවරණය, ප්‍රජා සේවා සහ ක්‍රීඩා.
- Industry Skills Australia: ගබඩාකරණය, දුම්රිය, සමුද්‍රීය සහ ගුවන් සේවා ඇතුළු ප්‍රවාහන සහ සැපයුම්.
- Manufacturing Industry Skills Alliance: නිෂ්පාදන, ඉංජිනේරු සහ ඖෂධ.
- Mining and Automotive Skills Alliance: පතල් මෙහෙයුම් සහ මෝටර් රථ කර්මාන්ත.
- Powering Skills Organisation: බලශක්තිය, ගෑස් සහ පුනර්ජනනීය බලශක්තිය.
- Public Skills Australia: ගිනි හා හදිසි සේවා, පොලිසිය, නිවැරදි කිරීමේ සේවා, රාජ්‍ය සහ ආරක්ෂක.
- Service and Creative Skills Australia: කලා, සිල්ලර වෙළඳාම, සංචාරක, ආගන්තුක සත්කාර සහ පුද්ගලික සේවා.
- Skills Insight: කෘෂිකර්මය, රෙදිපිළි, වන වගාව සහ ආහාර නිෂ්පාදනය.
අපි ඒ එක් එක් ක්ෂේත්‍රය ගැන වෙන වෙනම කතා කරමු.
අද අපි මුලින්ම බලමු මොකක්ද මේ BuildSkills Australia කියන්නේ කියලා. BuildSkills Australia කියන්නේ ඉදිකිරීම්, දේපළ සහ ජල අංශ සඳහා වන රැකියා සහ කුසලතා කවුන්සිලය.
ඔවුන් Built Environment ශ්‍රම බලකායේ සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම විවිධ තාක්ෂණයන් භාවිතා කරමින්, පවතින වෘත්තීන් පිළිබඳ සිසුන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. BuildSkills විසින් තරුණයින්ට construction, property සහ water sectors වල ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමට සහාය වෙනවා.
BuildSkills Australia සිසුන් සමඟ සම්බන්ධ වීමට සහ වෘත්තීය අවස්ථා ප්‍රවර්ධනය කිරීමට නවෝත්පාදන භාවිතා කරනවා වගේම, විවිධාකාර පිරිස වෙත ළඟා වීමෙන් කුසලතා මාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. Built Environment ශ්‍රම බලකායේ වෘත්තියක් කියන්නේ කුමක්ද කියන දේ අත්විඳීමට සිසුන්ට අවස්ථා ලබා දීම තුළින් එය වෘත්තීය විකල්පයක් ලෙස නොසැලකූ අයට එම ක්ෂේත්‍රය තුළට පිවිසෙන්න උදව් වෙනවා.
BuildSkills Australia යටතේ සලකන ප්‍රධාන ක්ෂේත්‍ර 3 ගැන අපි තවත් article එකකින් කතා කරමු.