කලිනුත් කිහිප වරක්ම අපි කිව්වා සරම්ප පැතිර යාමේ අවධානමක් ගැන. මේ තත්ත්වය ගැන තවමත් ජාතික මාධ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කරනවා. මේ වන විට තත්ත්වය වාර්තා වෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවෙන්.
ඉන්දුනීසියාවේ සිට ආපසු පැමිණි සංචාරකයින් දෙදෙනෙකුට මෙමෙ අරෝගය ආසාදනය වීමත් සමඟ සරම්ප රෝගීන් අඛණ්ඩව වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.
මේ වසරේ දී Western Australia වල පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මෙම මාරාන්තික රෝගයට ගොදුරු වී ඇති අතර, සරම්ප වලට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා නොගත් ඕනෑම අයෙකු අවදානමට ලක්වන බව බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
Bunbury, Donnybrook, Treendale, Cowaramup, Denmark, Albany, Kojonup වල සිල්ලර වෙළඳසැල් සහ Perth ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද ඇතුළුව Perth, South West සහ Great Southern පුරා පිහිටි නව නිරාවරණ ස්ථාන 12 ක් WA Health විසින් අවධානම් ස්ථාන අතරට එකතු කර තිබෙනවා.
ආසාදිත පුද්ගලයා සිටි වේලාව හා දිනය තුළ නිරාවරණය වූ ස්ථානවලට ගිය පුද්ගලයින්ට දින 18 ක් දක්වා රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන ලෙස බලධාරීන් අනතුරු ඇඟවනවා.
“සරම්ප රෝග ලක්ෂණ ඇති වන ඕනෑම අයෙකු mask එකක් පැළඳිය යුතු අතර අන් අයගෙන් ඈත්ව සිට සරම්ප දැයි පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි” යනුවෙන් WA Health ප්‍රකාශකයෙක් පැවසුවා.
සරම්ප රෝගය ඉතා ඉක්මනින් බෝවන රෝගයක් වන අතර වාතයෙන් පිටවන ජල බිඳිති හරහා අසල සිටින පුද්ගලයින්ට පැතිර යා හැකියි.
ආසාදිත පුද්ගලයෙකු කාමරයෙන් පිටව ගොස් මිනිත්තු 30 කට පසුවත් වාතයේ ඇති ජල බිඳිති හරහා එම කාමරයට ඇතුළු වන පුද්ගලයින්ට ආසාදනය විය හැකියි.
ප්‍රකාශකයෙකු පැවසුවේ යමෙකුට සරම්ප ඇති බව සිතනවානම් වෛද්‍යවරයෙකු හෝ හදිසි ප්‍රතිකාර අංශයක් වෙත යාමට පෙර කල්තියා කතා කර වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි.
ඒ අනුව ඔවුන්ට යා යුතු ස්ථානය පිළිබඳ උපදෙස් ලබා දිය හැකි අතර අනෙකුත් රෝගීන්ට හෝ කාර්ය මණ්ඩලයට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්‍ෂිත පියවර ගන්නා බව සහතික කළ හැකියි.
ඒ වගේම ප්‍රතිකාර සඳහා යන විට mask එකක් පැළඳීම ඇතුළුව ලබාදෙන උපදෙස් අනුගමනය කරන්නත් අමතක කරන්න එපා.
තම එන්නත් ලබාගැනීම පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර විදේශගතව සංචාරය කරන ඕනෑම අයෙකු පිටත්ව යාමට පෙර එන්නත් පිළිබඳව තම වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කිරීම වැදගත්.