පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. තරඟාවලියට පෙර මාධ්‍යයට අදහස් දැක්වූ නායක චරිත් අසලංක පවසා තිබුණේ පාකිස්තාන පිතිකරුවන්ට මුහුණ දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ද හොඳින් සූදානම් බවයි.
පාකිස්තානයේ Islamabad නුවරට ඊයේ දින බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වූ පසුබිමකයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඒ වගේම පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට එල්ල වුණු වෙඩි ප්‍රහාරයක් ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණා.
දැඩි ආරක්ෂක තත්ත්වයන් මධ්‍යයේ වුවද පෙරදින රාත්‍රියේ ක්‍රීඩාංගනයේ පුහුණු සැසියකට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වී සිටි අයුරු ද එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය පන්දු වාර 50 අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 299ක් රැස් කළා. Salman Ali නොදැවී ලකුණු 105ක් රැස් කළා. Hussain Talat ලකුණු 62යි. පන්දු යැවීමේදී වනිඳු හසරංග කදුළු 3ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කදුළු 1 බැගින් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 293ක් පමණයි. වනිඳු හසරංග ලකුණු 59ක් රැස් කළා. සදීර සමරවික්‍රම ලකුණු 39ක් හා කමිල් මිශාර ලකුණු 38ක් රැස් කළා. පන්දු යැවීමේදී Haris Rauf කඩුළු 4ක් දවා ගත්තා.
තරඟයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ Salman Ali.
තරඟාවලියේ 2වන එක් දින තරඟය හෙට (13) Rawalpindi ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
Image credit: www.espncricinfo.com