ලොව පිරිසිදුම වාතය ඇති නගර අතර ඔබේ නගරයත්

  • Home
  • /
  • Blog
  • /
  • ලොව පිරිසිදුම වාතය ඇති නගර අතර ඔබේ නගරයත්

තාක්ෂණික දියුණුවත් සමග වඩාත් දූෂණයට ලක් වෙන දෙයක් තමයි වාතය කියන්නේ. ඉතින් මේ දියුණු වෙන ලෝකයේ පිරිසිදුම වාතය තිබෙන්නේ කොහෙද කියලා දන්නවද? ඒ ගැනයි මේ කතාව. 

ලොව පිරිසිදුම වාතය සහිත ප්‍රදේශ පිලිබඳ වාර්තා කරන විවිධ මූලාශ්‍ර තිබෙනවා. ඒ අතරින් ප්‍රධානතම එකක් තමයි IQ Air කියන්නේ. එහි www.iqair.com වෙබ් අඩවිය අද වෙන විට දක්වන ආකාරයට ලොව පිරිසිදුම වාතය තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ Minneapolis වල. මෙහි 2වන ස්ථානය ඩෙන්මාර්කයේ Copenhagen ලබාගන්න අතර 3වන ස්ථානයට සිටින්නේ කැනඩාවේ Vancouver නගරයයි.

අපි කවුරුත් දන්නා සුන්දර Melbourne නගරය මෙහි 4වන තැන හිමිකර ගන්නවා. කලක් Melbourne නගරය මෙහි 1 වන ස්ථානයේ රැඳී සිටියා. නවසීලන්තයේ Auckland 7 වන ස්ථානය හිමිකර ගනිද්දී Canberra නගරය 13 වන ස්ථානයේ පසු වෙනවා. Sydney නගරය පසු වන්නේ 25 වන ස්ථානයේ. 

smartairfilters.com වෙබ් අඩවිය වාර්තා කරන 25 Cities with the Best Air Quality (2024 AQI Rankings) අනුව ස්විට්සර්ලන්තයේ Zürich 1 වන ස්ථානයට පත් වන අතර, Perth නගරය 2වන ස්ථානයත්, බ්‍රසීලයේ Vitória නගරය 3 වන ස්ථානයත් හිමිකර ගන්නවා. ඕස්ට්‍රේලියාවේ Hobart 4 වන ස්ථානයත්, Launceston 5 වන ස්ථානයත් හිමි කරගන්නා අතර Wollongong 24වන ස්ථානයේ රැඳෙනවා.

ඇතැම් මූලාශ්‍ර වාර්තා කරන ආකාරයට අනුව, ටැස්මේනියාවේ පිහිටි Cape Grim Baseline Air Pollution Station එක ග්‍රහලෝකයේ පිරිසිදුම වාතය ඇති ස්ථානයක් ලෙස සැලකෙනවා.

මෙලෙස වයඹ ටැස්මේනියාව බොහෝ විට පෘථිවියේ පිරිසිදුම ස්ථානවලින් එකක් ලෙස විස්තර කර ඇත්තේ ටැස්මේනියානු වෙරළට පැමිණීමට පෙර සාගරය හරහා ගමන් කරන විට වාතය පිරිසිදු වීම නිසායි.

පහත link එකෙන් www.iqair.com වෙබ් අඩවියට පිවිසීමෙන් IQ Air හි Live cleanest major city ranking බලා ගන්න පුළුවන්.

https://www.iqair.com/world-air-quality-ranking/cleanest-cities 

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025