ඇතම් අය වයස්ගත වීම සාමාන්‍ය දෙයක් විදිහට පිළිගත්තත් තවත් සමහර පිරිසක් හැකිතාක් උත්සහ කරන්නේ වයස්ගතවීම වලක්වා ගන්න. මේ වයසට නොයා සිටීම කියන දේ ලොව පුරා විද්‍යාව පමණක් නොවෙයි දේශපාලනය පවා දැඩිව අවධානය යොමු කරන කාරණයක්.
මේ අතර චීන රසායනාගාර වයසට යාම වැළැක්වීම සඳහා පෙති වර්ගයක් නිපදවන බවට පුවතක් ගැන ලොව පුරා කතා බහට ලක් වුණා.
වාර්තාවට අනුව Lonvi Biosciences, මිදි බීජ සාරයේ අඩංගු ස්වාභාවික සංයෝගයක් වන procyanidin C1 (PCC1) මත පදනම් වූ ඖෂධයක් සංවර්ධනය කිරීමේ නිරතව සිටිනවා.
දකුණු චීනයේ longevity startup එකක් වන Lonvi Biosciences, මිදි බීජ සාරයේ අඩංගු සංයෝග භාවිතා කරමින් වයස්ගත වීම වැළැක්වීමේ පෙති සංවර්ධනය කිරීමට කටයුතු කරන බව New York Times වාර්තා කර තිබුණා.
ඉදිරි වසරවලදී වයස අවුරුදු 150 දක්වා ජීවත් විය හැකි අතර එය යථාර්ථයක් වනු ඇති බව Lonvi Biosciences හි ප්‍රධාන කාර්මිකයෙකු වන Liu Qinghua උපුටා දක්වමින් එය වාර්තා කර තිබුණා.
ෂැංහයි හි විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලින් ඔප්පු වූයේ එය වයස්ගත සෛල තෝරා බේරා විනාශ කර දැමීමෙන් මීයන්ගේ ආයු කාලය වැඩි කරන බවයි. මෙම ඖෂධය භාවිතයෙන් ඔවුන්ගේ ආයු කාලය 10% කින් පමණ දීර්ඝ වූ බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, නවීන වෛද්‍ය විද්‍යාවට මරණයට සම්පූර්ණයෙන්ම අභියෝග කළ හැකි බවට කරන ප්‍රකාශ පිළිබඳව සමාගම සැක සහිත බව පර්යේෂණ කෘති පෙන්වා දෙනවා.