විදේශ රටවල සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සිසුන් සඳහාම නිර්මාණය කෙරුණු English language courses ගැන තමයි මේ කියන්න හදන්නේ. මීට කලිනුත් අපි articles කිහිපයකින්ම කිව්වා ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ වර්ගයේ ඉංග්‍රීසි භාෂා පාඨමාලා ගැන.
ELICOS කියන එකෙන් අදහස් වෙන්නේ ‘English language Intensive Courses for Overseas Students’ කියන එක. මෙම පාඨමාලා ස්ථිර වශයෙන්ම ජාතික ප්‍රමිතීන් සපුරාලිය යුතු අතර කර්මාන්ත ප්‍රමුඛ තත්ත්ව සහතික රාමුවක් (industry-led quality assurance framework) අනුගමනය කළ යුතුයි.
ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඔබට අවශ්‍ය හේතුව කුමක් වුණත්, ඔයාගේ ඉලක්කය කරා ළඟා වීමට උදව් වෙන සහ ගැළපෙන පාඨමාලාවක් තෝරාගන්න පුළුවන්.
පාඨමාලා කාලය – සති 5 – 60 (ඔයා තෝරාගන්න level එක අනුව කාලය වෙනස් වෙන්න පුළුවන්.
එක අධ්‍යයන වර්ෂයක් ELICOS weeks විදිහට කොටස් වලට බෙදලා තිබෙනවා.
වසර පුරා ඕනෑම කාලයකදී අලුතෙන් ආරම්භ කරන පාඨමාලාවකට සම්බන්ධ වෙන්න පුළුවන්.