ගුවන් ගමන් වලට අලුත් බද්දක්

  • Home
  • /
  • Lifestyle
  • /
  • ගුවන් ගමන් වලට අලුත් බද්දක්

සිංගප්පූරුව ලබන වසරේ සිට මගියෙකුට සිංගප්පූරු ඩොලර් 41.60 (USD 31.95) දක්වා වන sustainable aviation fuel (SAF) levy, එහෙමත් නැත්නම් හරිත ඉන්ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය හඳුන්වා දෙන්නේ  ගුවන් සේවා අංශයේ කාබන් විමෝචනය අඩු කිරීමට ගන්න උත්සාහයේ පියවරක් ලෙසයි.

සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Singapore – CAAS) නිවේදනය කළේ, 2026 අප්‍රේල් 1 වන දින සිට විකිණීම ආරම්භ කෙරෙන, 2026 ඔක්තෝබර් 1 වන දින සිට පිටත් වන ගුවන් ගමන් සඳහා වන ටිකට්පත් සඳහා බද්ද අදාළ වන බවයි. සිංගප්පූරුව හරහා ගමන් කරන (transiting) මගීන්ට මෙම ගාස්තුව අදාළ වෙන්නේ නැහැ.

නව ක්‍රමය යටතේ ය කෙරෙන බද්දේ ප්‍රමාණය travel class එක සහ route distance එක අනුව තීරණය වෙනවා.

ඒ අනුව Economy සහ premium economy සංචාරකයින්ට අග්නිදිග ආසියාව තුළ කෙටි දුර ගමන් සඳහා සිංගප්පූරු ඩොලර් 1 ක් සහ ඇමරිකාවට යන ගුවන් ගමන් සඳහා සිංගප්පූරු ඩොලර් 10.40 ක් වශයෙන් ගෙවීමට සිදු වෙනවා.

Business and first-class passengers ලාගෙන් එම මුදල මෙන් 4 ගුණයක් අය කෙරෙන බව Bloomberg වාර්තා කරයි.

Cargo flights සඳහා බර අනුව ගණනය කරන ලද වෙනම ගාස්තුවක් ද අය කෙරෙනවා.

මෙම බද්ද හරහා රැස් කරන අරමුදල්, සිංගප්පූරුවේ 2030 වන විට 3–5% ක SAF adoption rate එකක් ලබා ගැනීමේ සැලැස්මේ කොටසක් වන, අපද්‍රව්‍ය තෙල් හෝ කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය වලින් නිපදවන තිරසාර ගුවන් ඉන්ධන මධ්‍යගත මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට නියමිතයි.

CAAS ට අනුව, SAF පිරිවැය පහත වැටීම නිසා බද්ද කලින් සැලසුම් කල අගයන්ට වඩා අඩු මට්ටමක පැවතීමට ඉඩ සැලසී ඇති අතර, ඇස්තමේන්තුගත අනුපාත සිංගප්පූරු $3 සහ S$16 අතර වුණා.

මෙත් සමග මගී පාදක හරිත ඉන්ධන බද්දක් පැනවූ ලොව පළමු රට බවට සිංගප්පූරුව පත් වෙනවා. මෙය ප්‍රධාන ගෝලීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස එහි පිහිටීම සැලකිල්ලට ගත විට විශේෂයෙන් කැපී පෙනෙන පියවරක්.

Changi ගුවන්තොටුපළ වාර්තාගත වසරක් සඳහා ගමන් කරමින් සිටින අතර, මගී ගමනාගමනය 2019 දී වසංගත තත්ත්වය ඇති වෙමට පෙර පවතී උච්චතම අවස්ථාව වන මිලියන 68.3 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

International Air Transport Association එක සඳහන් කළේ පසුගිය වසරේ ගෝලීය SAF නිෂ්පාදනය දෙගුණයක් වුවද, එය තවමත් මුළු ජෙට් ඉන්ධන පරිමාවෙන් 0.3% ක් පමණක් බවයි.

සිංගප්පූරුවේ නිවේදනය බ්‍රසීලයේ පැවැත්වෙන COP30 දේශගුණික සමුළුවට සමපාත වන අතර එහිදී රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවර සාකච්ඡා කරමින් සිටිනවා.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025