Business එක වැටෙන්නේ නැතුව ගොඩදාගන්න plan එක

  • Home
  • /
  • Blog
  • /
  • Business එක වැටෙන්නේ නැතුව ගොඩදාගන්න plan එක

ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management ගැන අපි කතා කරන්න පටන් ගත්තා.

ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කළාට පසුව අනිවාර්යයෙන්ම එයට බලපාන අවධානම් රැසක් තිබෙනවා. ඒ නිසා අපි මේ අවධානම් වලට මුහුණ දෙන්න හොඳින් සූදානම් වෙලා ඉන්න එක වගේම ඒවා කළමනාකරණය කරන එකත් ඉතාම වැදගත්.

අවදානම් කළමනාකරණය 

ඔයාගේ ව්‍යාපාරයට ඇති ප්‍රධාන අවදානම් හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න විදිහ ගැනයි අපි මේ යටතේ කතා කරන්නේ. එකේදී පලවෙනිම දේ විදිහට, 

1 . ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් තේරුම් ගන්න

ආකාරය ගැන අපි කතා කළා.

අද අපි බලමු අවදානම් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වන සැලැස්ම ගැන.

2 . අවදානම් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සාදන්න

ඔයාගේ ව්‍යාපාරයට ඇති අවදානම් සමඟ ඔයා කටයුතු කරන්නේ කොහොමද කියන එක අවදානම් කළමනාකරණ සැලැස්මක් මඟින් පැහැදිලි කෙරෙනවා.

ඔයාගේ ව්‍යාපාරයට ඇති අවදානම් සහ ඒ සෑම එකක්ම කෙතරම් බරපතලද කියන දේ හඳුනා ගන්න. හඳුනාගත්තට පස්සේ පිළියම් යෙදීමට තරම් බරපතල අවදානම් මොනවාද කියන එක තීරණය කර ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය උපාය මාර්ග සකස් කරන්න.

මෙම ක්‍රියාවලියට ඔයාගේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් stakeholders ලා ඇතුළත් කරන එක වැදගත්. ව්‍යාපාරයට තිබෙන විශාලතම අවදානම් හඳුනා ගැනීමට සහ ඒවාට විසඳුම් ක්‍රම යෝජනා කිරීමට ඔවුන්ගේ අදහස්, යෝජනා සහ අත්දැකීම් ඉතා වැදගත්.

කලින් article එකේ සහ අද කතා කරපු හැමදේමත් එක්ක අවදානම් කළමනාකරණයට අදාළ ඔයාගේ Checklist එකේ වෙන්නේ;

  • ව්‍යාපාර අවදානම් වල ප්‍රධාන වර්ග සහ ඔබ ඒවා කළමනාකරණය කළ යුත්තේ ඇයිදැයි තේරුම් ගන්න  
  • ඔබේ අවදානම් කළමනාකරණ සැලැස්මේ විෂය පථය තීරණය කරන්න
  • ඔබේ කාර්ය මණ්ඩලයෙන් සහ stakeholders ලාගෙන් අදහස් විමසන්න
  • ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් හඳුනා ගන්න
  • එක් එක් අවදානම එය සිදුවීමේ සම්භාවිතාව සහ ලබාදිය හැකි ප්‍රතිඵල මත පදනම්ව විශ්ලේෂණය කරන්න
  • එක් එක් අවදානම තක්සේරු කර එයට පිළියම් යෙදිය යුතුද යන්න තීරණය කරන්න
  • අවදානම් සඳහා පිළියම් යෙදීමට උපාය මාර්ග සංවර්ධනය කරන්න

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026