ඕස්ට්‍රේලියාව තුළ සිදු වන මරණ වලට ප්‍රධානතම හේතු මොනවද කියලා දන්නවද? අද අපි කියන්නේ ඒ ගැන. මොකද මේ සමහර මරණ වළක්වා ගත හැකි මරණ වන නිසා.
Dementia දැන් ඕස්ට්‍රේලියාවේ මරණ වලට ප්‍රධානතම හේතුව බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙළි කර තිබෙනවා.
පුද්ගලයෙකුගේ මතකය සහ සංජානන ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් පිරිහීමට ලක් කරන මෙම ත්‍රාසජනක රෝගය පසුගිය වසරේ පුද්ගලයින් 17,549 දෙනෙකුගේ ජීවිත බිලිගත්තා.
කම්පන මරණ (shock death) සංඛ්‍යාව පසුගිය දශකය තුළ 39% කින් ඉහළ ගොස් තිබෙනවා.
2023 දී ඩිමෙන්ශියාව නිසා පුද්ගලයින් 16,689 දෙනෙකු මිය ගිය අතර 2015 දී එය ඕස්ට්‍රේලියානුවන් 12,641 දෙනෙකුගේ ජීවිත බිලිගත්තා.
මරණ සංඛ්‍යාලේඛන පිළිබඳ ABS ප්‍රධානී Lauren Moran පැවසුවේ ඩිමෙන්ශියාවේ වැඩි වීම රටේ වයස්ගත ජනගහනයට අනුකූල වන බවයි.
“මෙය දිගු ආයු අපේක්ෂාවක් ඇති කාන්තාවන් සඳහා විශේෂයෙන් සත්‍ය වෙනවා. දත්ත වලින් පෙනී යන්නේ Dementia රෝගයෙන් මියගිය පුද්ගලයින්ගෙන් 62.4% ක් කාන්තාවන් බවයි. 2016 සිට, කාන්තාවන්ගේ මරණ වලට ප්‍රධානතම හේතුව ලෙස අපි දැක තිබෙන්නේ Dementia රෝගයයි” යනුවෙන් ඇය පැවසුවා.
Dementia මරණ වලින් තුනෙන් දෙකකට වඩා (68.2%) අවුරුදු 75 ට වැඩි පුද්ගලයින් බව ABS දක්වනවා. එය වසර 10 කට පෙර 66.1% ක් සහ වසර 20 කට පෙර 63.3% ක්ව පැවතුණා.
සමස්තයක් වශයෙන්, Alzheimer රෝගය ඇතුළුව Dementia නිසා ඇති වූ මරණ ගණන සමස්ථ මරණ වලින් 9.4% ක්.
Ageing demographics සහ වෛද්‍ය මැදිහත්වීම්වල වෙනස්කම් සමඟ මරණ රටා වෙනස් වෙමින් පවතින බව ABS ද අවධාරණය කළා. ABS පවසන ආකාරයට වෛද්‍ය මැදිහත්වීම් වැඩිදියුණු වන විට, විවිධ නිදන්ගත තත්වයන් සමඟ මිනිසුන්ට දිගු කාලයක් ජීවත් විය හැකියි.
අවුරුදු 75 ට වැඩි පුද්ගලයින්ගෙන් 80% කගේ පමණ මරණ සහතික වල මරණයට දායක වන හෝ මරණය ඇති කරන හේතුව ලෙස රෝග හෝ තත්වයන් එකකට වඩා තිබෙනවා.
1994 දී, ජනගහනයේ මධ්‍යන්‍ය වයස අවුරුදු 33.4 ක්ප වූ අතර පසුගිය වසරේ එය අවුරුදු 38.3 ක්.
ඩිමෙන්ශියාවෙන් පසු, ischaemic හෘද රෝග රටේ භයානකම සෞඛ්‍ය අවදානම වන අතර, පසුගිය වසරේ පුද්ගලයින් 16,275 ක්, එනම් සමස්ත මරණ වලින් 8.7% ක් මේ හේතුව නිසා සිදු වුණා.
Emphysema සහ bronchitis ඇතුළු නිදන්ගත ශ්වසන රෝග, මරණ සඳහා 3වන ප්‍රධාන හේතුව වන අතර එය මරණ 9000 කට වඩා වැඩි ප්‍රමාණයකට හේතු වුණා.
ABS වාර්තා කරන පරිදි, රට තුළ අඩු වයස් මරණ (premature deaths) සඳහා ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීමයි.
2024 දී සියදිවි නසාගැනීමෙන් මියගිය පුද්ගලයින් 3307 ක් වාර්තා වී තිබෙනවා. එම අගය හෝ පුද්ගලයින් 100,000 කට මරණ 12.2 ක් ලෙස සටහන් වෙනවා. එම මරණවලින් හතරෙන් තුනකට වඩා පිරිමි පුද්ගලයින්.
මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර නිසා ඇතිවන මරණ දෙකම 2024 දී වැඩි වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිසා ඇතිවන මරණ 1947 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2023 දී දැක්වුණේ 1766 ක් ලෙසයි. එම කාලය තුළ මත්පැන් නිසා ඇති වූ මරණ සංඛ්‍යාව 1700 සිට 1765 දක්වා ඉහළ ගොස් තිබෙනවා.