අද අපි කියන්නේ ImmiCard එක ගැන. ඕස්ට්‍රේලියානු රජය විසින් පිළිගත් passport එකක් එහෙමත් නැත්නම් විදේශ ගමන් බලපත්‍රයක් නොමැති සහ ලබා ගත නොහැකි ඇතැම් visa හිමියන්ට ImmiCard එකක් නිකුත් කරනවා.
ImmiCard එකක් වීසා හිමියන්ට ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ Commencement of Identity (COI) පිළිබඳ සාක්ෂි සැපයීමට සහාය වෙනවා.
Medicare සහ Centrelink වැනි ආයතන, රජයේ සේවාවන් සඳහා ලියාපදිංචි වීමට පෙර වීසා හිමියන්ගේ COI සත්‍යාපනය කළ යුතුයි.
ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියදී රජයේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට හැඳුනුම්පතක් අවශ්‍ය ඕනෑම වීසා අයදුම්කරුවෙකුට, වලංගු විදේශ ගමන් බලපත්‍රයක් වෙනුවට, ImmiCard එකක් සඳහා සුදුසුකම් ලබන්න පුළුවන්.
ImmiCards සහ VEVO system
වීසා හිමියන්ට ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ COI පිළිබඳ සාක්ෂි පෙන්වීමට වගේම, වීසා හිමියන්ට VEVO හි ඔවුන්ගේ visa status එක සහ හිමිකම් පරීක්ෂා කිරීමට ඔවුන්ගේ ImmiCard එක භාවිතා කළ හැකියි.
VEVO පිළිබඳ වැඩි විස්තර දැනගන්න පහත link එකෙන් යන්න
ඔයාගේ Visa බලපත්‍රයේ තොරතුරු දෙන VEVO ගැන දන්නවද?: https://sannasa.com.au/archives/9576
නැතිවූ, සොරකම් කරන ලද, හානි වූ හෝ කල් ඉකුත් වූ ImmiCards
ImmiCards වසර 5 ක කල් ඉකුත් වීමේ දිනයක් සහිතව නිකුත් කෙරෙනවා. කල් ඉකුත් වූ පසු ඒවා ස්වයංක්‍රීයව අලුත් වීමක් සිදු වෙන්නේ නැහැ.
ImmiCard ගැන වැඩිදුර විස්තර හැම එකක්ම පැහැදිලිව ඉදිරියේදී කතා කරමු.