Commonwealth Bank එක ඕස්ට්‍රේලියානුවන්ට තවත් බියකරු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, ඒ මගින් ආර්ථිකයේ අඩු වර්ධනය, වැටුප් හා ජීවන තත්වයන් පසුබෑමකට ලක් කරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ වර්ධනය දශක කිහිපයක් තිස්සේ පහත වැටීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇති බව බැංකුවේ ආර්ථික විද්‍යාඥ Harry Ottley බ්‍රහස්පතින්දා ආයෝජකයින්ට ලියූ සටහනක සඳහන් කර ඇති අතර, එයට හේතුව අඩු ඵලදායිතා වර්ධනයයි (productivity growth).
රාජ්‍ය සේවක රැකියා සහ NDIS වියදම් ඇතුළුව වෙළඳපල නොවන අංශයේ ව්‍යාප්තිය හේතුවෙන් Low productivity growth එක බොහෝ දුරට සිදු වෙනවා. පතල් අංශය ද ඵලදායිතාව පහත වැටීමට හේතු වී තිබෙනවා.
Potential growth එක අඩු මට්ටමක පැවතුනහොත් එය ආර්ථික ක්‍රියාකාරකම්, ජීවන තත්වයන් සහ වැටුප් වල මන්දගාමී වර්ධනයට හේතු වනු ඇතැයි Ottley මහතා අනතුරු අඟවනවා.
මෙම වාර්තාව නිකුත් වූයේ, මේ සතියේ CBA හි කොටස් මිල 9% කින් පහත වැටීමෙන් පසුවයි. ජුනි මාසයේ සර්වකාලීන ඉහළම අගය වාර්තා කිරීමෙන් පසු බැංකුව දැන් 18% කින් පමණ පහත වැටී තිබෙනවා. එය පෙර වසර 2 තුළ 85% කින් ඉහළ ගොස් තිබුණා. බොහෝ තැරැව්කරුවන් දැන් CBA අධි තක්සේරුවක් ලෙස සලකනවා.