පසුගිය දිනවල පැවති කාන්තා හා පිරිමි T20 ලෝක කුසලාන තරඟ ද්විත්වයේම ඉන්දියාව සහ පාකිස්තානය අතර අතට අත දීමක් දකින්නට ලැබුණේ නැහැ. ඒ දෙරට අතර පවතින යුද තත්ත්වයන් හේතුවෙන්.
නමුත් මේ සියල්ලටම පසුව ක්‍රීඩාවේ සදාචාරය පෙන්වන සිදුවීමක් අන්ධ ලෝක කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේදී දැකගන්නට ලැබුණා. ඒ ඉන්දියානු සහ පාකිස්තාන අන්ධ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඉතා සුහද අයුරින් අතට අත දී එකිනෙකාට අචාර කිරීමෙන් පසුවයි.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ අන්ධ ක්‍රීඩිකාවන් දේශපාලන ආතතීන් පසෙකලා, මධ්‍යස්ථ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟාවලියකදී අතට අත දුන් බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබුණා.
නිත්‍ය ජාතික කණ්ඩායම් මෙන් නොව, ඔවුන්ට පෙනීම නොමැති වුවද ක්‍රීඩා දැක්මක් ඇති බව පෙන්නුම් කළ මේ අවස්තාව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා.
කාසියේ වාසිය ලබා ගැනීමෙන් පසු අතට අත දීමක් සිදු නොවූ විට, ඉන්දියාවේ අන්ධ ක්‍රීඩිකාවන් ද ඔවුන්ගේ ඇස් පෙනීම ඇති කණ්ඩායම්වල හැසිරීම පිළිබිඹු කරනු ඇතැයි අපේක්ෂා කරන ලද නමුත් තරඟය අවසානයේ දෙපාර්ශවයම එකිනෙකාට උණුසුම් ලෙස ආචාර කරනු දක්නට ලැබුණා.
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවති තරඟයේදී පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 කට ලකුණු 135 ක් ලබාගත් අතර ඉන්දියාව පන්දුවාර 10 යි පන්දු 2 කදී කඩුළු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු 136 වාර්තා කළා.
පාකිස්තාන නායිකා නිම්රා රෆික් ඉන්දියාවට ඔවුන්ගේ පුළුල් ජයග්‍රහණය ගැන සුබ පැතූ අතර, ඉන්දීය නායිකා ටී. සී. දීපිකා පැවසුවේ පාකිස්තානය හොඳින් ක්‍රීඩා කළ බවයි.
Image credit: www.dawn.com