පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර ඊයේ පැවති තරඟයෙන් ආරම්භ වුනු පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තුන් කොන් T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිටපු නායක දසුන් ශානකට හිමිව තිබෙනවා. ඒ වත්මන් නායක චරිත් අසලංකට අසනීප තත්ත්වයක් හේතුවෙන් තරඟ වැදීමට නොහැකි වීම නිසයි.
සඳුදා (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් නිසා නැවත ගෙන්වා ගන්න අතර ඔවුන් ඉදිරි T20 තරඟ සඳහා සහභාගී නොවන බවයි.
ඒ වෙනුවට පවන් රත්නායකත්, නායකත්වය සඳහා දසුන් ශානකත්, කණ්ඩායමට එක් කරන බව සඳහන් කර තිබුණා.
ඒ අතර පසුගිය තරඟයක් අතරතුරදී වනිඳු හසරංගගේ පාදයේ ඇති වූ ආබාධයෙන් ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති නිසා ඔහු වෙනුවට යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා සංචිතයට එක කරනන් බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය හෙට (20) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව Rawalpindi හිදී පැවැත්වෙනවා.
Image credit: DasunShanakaOfficial