දවසින් දවස වැඩි වෙන Car හොරු

  • Home
  • /
  • Blog
  • /
  • දවසින් දවස වැඩි වෙන Car හොරු

ඔයාගේ Car එක කවුරුහරි හොරකම් කරයි කියලා හිතිලා තියෙනවද? අද අපි කතා කරන්නේ මේ විදිහට හොරකම් කරන Car ගැන.

2024 දී මෝටර් රථ සොරකම් 65,603 ක් සිදුවෙලා තිබෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව එය පෙර වසරට වඩා 8% ක වැඩි වීමක්. අපරාධ රැල්ලෙහි කේන්ද්‍රස්ථානය විදිහට දකින්න ලැබෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තය. මෙහි මෝටර් රථ සොරකම් 41% කින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය පුද්ගලයින් 22,504 කට බලපාලා තිබෙනවා වගේම 2003 සිට වාර්තා වෙන වැඩිම සංඛ්‍යාවත් මේක.

Insurance Council of Australia (ICA) දක්වන ආකාරයට වික්ටෝරියා වල claims 12,000 කට වඩා වැඩි ගණනක් වාර්තා වෙලා තිබෙනවා. මේ අතරින් වැඩි සංඛ්‍යාවක් මෙල්බර්න් වලින්. 2025 ජුනි මාසය දක්වා කාලය තුළ මෝටර් රථ සොරකම් වලට අදාලව පමණක් රක්ෂණ හිමිකම් ඩොලර් මිලියන 223 ක් වන බව ICA තහවුරු කරනවා.

Car සොරකම් වැඩි වෙමින් පවතිනවා වගේම සමහර මෝටර් රථ අනෙක් ඒවාට සාපේක්ෂව වඩා වැඩි අවදානමකට ලක්විය හැකියි. මේවා අතරට මාර්ගයේ බහුලව භාවිතා වන මෝටර් රථ කිහිපයක් ඇතුළත්. සොරුන් සැමවිටම ඉලක්ක කරනු ලබන්නේ performance cars පමණක් නෙවෙයි. 

ඉතින් ඒ විදිහට ඔයාගේ car එකත් මොනයම් හෝ විදිහකින් හෝ සොරාගත්තොත් ඒක මොන තරම් ලොකු ප්‍රශ්නයක් වෙනවද? ඉතින් ඒ නිසාමයි මේ විදිහේ සොරකම් වළක්වා ගන්න ඔයා අවධානය දිය යුතු වෙන්නේ. 

වාහන සොරකම් වැළක්වා ගන්න වැදගත් වෙන උපදෙස් කිහිපයක් අපි ඉදිරි article එකකින් අරගෙන එන්නම්.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025