ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 20යි 20යි තුන් කොන් සටනේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය Rawalpindi හිදී පැවැත්වුණා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 162 ක් රැස් කළා. Brain Bennett ලකුණු 49ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 32කට කඩුළු 3ක් ලබා ගත්තා. එශාන් මාලිංග කඩුළු 2යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 95ක් පමණයි. දසුන් ශානක පන්දු 25කට ලකුණු 34ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 11යි. අන් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 10 පසුකර ගියේ නැහැ.
තරඟයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ Sikandar Raza.
මීට පෙර පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවති තරඟාවලියේ පළමු තරඟයේ දී කඩුලූ 5ක ජයක් ලබන්නට පාකිස්තානය සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන මීළඟ තරඟය පාකිස්තානයට එරෙහිව හෙට (22) පැවැත්වෙනවා.