නත්තලට පෙර ලැබිය යුතු පාර්සල් තැපැල් කළ හැකි අවසන් දින

  • Home
  • /
  • Lifestyle
  • /
  • නත්තලට පෙර ලැබිය යුතු පාර්සල් තැපැල් කළ හැකි අවසන් දින

නත්තලට පෙර කාලය තුළ online shopping ප්‍රමාණය ඉහළ යන නිසා Australia Post සෙනසුරාදා සිට සති අන්ත බෙදාහැරීම් නැවත ආරම්භ කිරීමට සූදානම්.

නත්තලට පෙර පාර්සල් මිලියන 100 කට වඩා බෙදා හැරීමට තැපැල් සේවා අපේක්ෂා කරන අතර උත්සව සමයේදී පාර්සල් නියමිත වේලාවට බෙදා හැරීම සහතික කිරීම සඳහා ප්‍රධාන නගරවල සහ සමහර ප්‍රාදේශීය ප්‍රදේශවල සෙනසුරාදා සිට weekend delivery services නැවත ආරම්භ වෙනවා.

ප්‍රමාණවත් ඉල්ලුමක් තිබේ නම් මේ සති අන්ත සේවාව නත්තල දක්වා පවත්වාගෙන යාමට සූදානම්.

Australia Post හි ප්‍රධාන විධායක නිලධාරී Australia Post පවසුවේ Black Friday සහ Cyber Monday විකුණුම් සමග පාර්සල් ප්‍රමාණය සහ online spending වල සැලකිය යුතු වැඩිවීමක් දැකීමට ඔවුන් අපේක්ෂා කරන බවයි. 

“සූදානමක් ලෙස, delivery සේවා පහසු කිරීම සඳහා අපි දහස් ගණනක් අමතර සාමාජිකයින් ද, වැඩි self-service Parcel Lockers ගණනක් ද  යොදවා ඇති අතර තැපැල් කාර්යාලවල වැඩ කරන කාල සීමාව දීර්ඝ කර තිබෙනවා” යනුවෙන් ඔහු පැවසුවා.

“පසුගිය වසරේ අපි Black Friday විකුණුම් කාලය තුළ පාර්සල් මිලියන 103 කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරියා. මේ නිවාඩු සමයේදී අපි ඊටත් වඩා බෙදා හරින්න සූදානම්. weekend delivery services කියන්නේ වසරේ කාර්යබහුලම කාලය තුළ අපගේ ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා Australia Post ගන්නා එක පියවරක්.”

නත්තලට පෙර රට පුරා පාර්සල් යැවීම සඳහා, Australia Post සිය අවසන් දිනයන් ද ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව නත්තලට පෙර යැවිය යුතු පාර්සල් පහත සඳහන් දිනවල පස්වරු 2.30 ට පෙර ඉදිරිපත් කළ යුතුයි.

 

NSW සිට;

NSW – December 22

ACT, Victoria, Queensland, South Australia, Tasmania – December 19

Western Australia – December 18

Northern Territory – December 16

 

ACT සිට;

ACT – December 22

NSW, Victoria, Queensland, South Australia, Tasmania – December 19

ACT – December 22

Western Australia – December 18

Northern Territory – December 16

 

Victoria සිට;

Victoria – December 22

NSW, ACT, Queensland, South Australia, Tasmania – December 19

Western Australia – December 18

Northern Territory – December 16

 

Queensland සිට;

Queensland – December 22

NSW, ACT, Queensland, South Australia – December 19

Tasmania – December 18

Western Australia – December 17

Northern Territory – December 12

 

South Australia සිට;

South Australia – December 22

NSW, ACT, Queensland, Tasmania – December 19

Western Australia – December 18

Northern Territory – December 17

 

Western Australia සිට;

Western Australia – December 22

NSW, ACT, Victoria, South Australia – December 18

Queensland – December 17

Tasmania – December 16

Northern Territory – December 12

 

Tasmania සිට;

Tasmania – December 22

NSW, ACT, Victoria, South Australia – December 19

Queensland – December 18

Western Australia – December 16

Northern Territory – December 12

 

Northern Territory සිට;

Northern Territory – December 22

NSW, ACT, Victoria – December 16

Queensland, South Australia, Western Australia – December 17

Northern Territory – December 12

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025