අමුතු කෑම කන චීන්නුන්ගේ අලුත්ම බීම – කැරපොතු කෝපි

  • Home
  • /
  • Blog
  • /
  • අමුතු කෑම කන චීන්නුන්ගේ අලුත්ම බීම – කැරපොතු කෝපි

චීනය කිව්වම අමුතු වර්ගයේ කෑම බීම සඳහා ප්‍රසිද්ධයි. ඔවුන්ගේ ඒ කෑම බීම අතරින් ඇතැම් ඒවානම් බොහෝ ශ්‍රී ලාංකිකයන් ඇසීමටත් අප්‍රිය කරනවා. මේ කියන්නෙත් එහෙම බීමක් ගැන. 

බීජිං හි කෞතුකාගාරයක් අමුතු විදිහේ කෝපි වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. මේකේ වෙනස තමයි මේ කෝපි එක උඩින් කැරපොත්තන් ඉසීම.

මේ කැරපොතු කුඩු වලට අමතරව caffeine pick-me-up වලට වියළි කහ පිටි පණුවන් ද එක් කර තිබෙනවා.

පානය කරන්නන් පවසන්නේ එයට “පිළිස්සුණු සහ තරමක් ඇඹුල්” රසයක් ඇති බවයි. 

චීනයේ අගනුවර පිහිටි කෘමි කෞතුකාගාරයක තිබෙන coffee shopsවල තමයි මේ roach coffee, එහෙමත් නැත්නම් කැරපොතු කෝපි විකුණන්නේ. එහි මිල yuan 45 (USD 6) ක් වෙනවා. 

“අපි ජුනි මස අවසානයේදී මෙම වර්ගයේ කෝපි දියත් කළ අතර එය මෑතකදී අන්තර්ජාලයේ ජනප්‍රිය වුණා” යනුවෙන් කෞතුකාගාරයේ සේවකයෙක් මාධ්‍යයට පවසා තිබුණා. “කෘමි තේමාවක් සහිත කෞතුකාගාරයක් ලෙස, ගැලපෙන බීම තිබීම හොඳ අදහසක් ලෙස පෙනුණා”.

ඔවුන්ගේ new series එකට pitcher ශාකයක  digestive juice භාවිතා කර විශේෂයෙන් සාදන ලද පාන වර්ග සහ කුහුඹුවන් සමඟ සාදන ලද limited edition drink එකක් ද ඇතුළත් වෙනවා.

Image credit: www.scmp.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025