දුනිත් ඇතුළු කණ්ඩායමෙන් ගිලිහුණු ලෝක කුසලානය

  • Home
  • /
  • Sports
  • /
  • දුනිත් ඇතුළු කණ්ඩායමෙන් ගිලිහුණු ලෝක කුසලානය

නැගී එන කණ්ඩායම් සඳහා වන Asia Cup Rising Stars 2025 පසුගිය නොවැම්බර් 14 වන දා සිට දෝහා හි දී පැවැත්වුණා. ඒ ඇෆ්ගනිස්තාන් A කණ්ඩායම, බංගලාදේශ A කණ්ඩායම, ඉන්දියා A කණ්ඩායම, පාකිස්තාන් ෂහීන්ස්, ශ්‍රී ලංකා A කණ්ඩායම, හොං කොං, ඕමාන්, සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන කණ්ඩායම් අතරයි.

දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදුණා.

මෙහිදී ඇෆ්ගනිස්තාන් A කණ්ඩායම, බංගලාදේශ A කණ්ඩායම, ශ්‍රී ලංකා A කණ්ඩායම, සහ හොං කොං යන කණ්ඩායම් A කාණ්ඩය යටතේ තරඟ වැදුණු අතර අනෙකුත් කණ්ඩායම් 4, B කාණ්ඩය යටතේ තරඟ වැදුණා.

මූලික වටයේ තරඟ වලදී තරඟ 3න් 2 බැගින් ජයග්‍රහණය කළ බංගලාදේශ A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම පිළිවලින් එම කාණ්ඩයේ 1 සහ 2 ස්ථාන වලට පැමිණියා.

මූලික වටයේ තරඟ වලදී ශ්‍රී ලංකා A කණ්ඩායම, බංගලාදේශ A කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම පරාජය කළ අතර ඇෆ්ගනිස්තාන් A කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා. 

B කාණ්ඩයෙන් පෙරමුණට ආවේ ක්‍රිකට් පිටියේ සුප්‍රසිද්ධ ප්‍රති මල්ලවයන් වන පාකිස්තාන සහ ඉන්දියා කණ්ඩායම් 2යි.

ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා. අවසන් පූර්ව වටයේ පළමු තරඟය බංගලාදේශ A සහ ඉන්දියා A කණ්ඩායම් අතර පැවැත්වුණු අතර සුපිරි පන්දු වාරයේදී එහි ජය තහවුරු කරගන්නට බංගලාදේශ A කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා A සහ පාකිස්තාන් ෂහීන්ස් අතර පැවති අවසන් පූර්ව වටයේ 2 වෙනි තරඟයෙන් පාකිස්තාන් ෂහීන්ස් කණ්ඩායම ලකුණු 5ක ජයක් ලබා ගත්තා. 

ඒ අනුව ඊයේ (23) බංගලාදේශ A කණ්ඩායම සහ පාකිස්තාන ෂහීන්ස් අතර පවතී අවසන් මහා තරඟයේදී සුපිරි පන්දු වාරයෙන් ජය තහවුරු කරගන්නට පාකිස්තාන් ෂහීන්ස් සමත් වුණා.

Image credit: themorningtelegraph.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025