ප්‍රධාන ගුවන් සමාගම් විසින් ඒකමතිකව ගනු ලැබූ පියවරක් සහ ගුවන් සේවා කර්මාන්තය විසින් අනුමත කරන ලද පියවරක් යටතේ ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් වල දී මගීන්ට power banks භාවිතා කිරීම තහනම් කිරීමට නියමිතයි.
ගිනි අනතුරු ඇති වීමේ අවදානම අවම කිරීමේ උත්සාහයක් ලෙස, දෙසැම්බර් 15 වන දින සිට ආරම්භ වන පරිදි කිසිදු Qantas, QantasLink සහ Jetstar ගුවන් යානයක සහ දෙසැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි Virgin Australia ගුවන් යානයක power banks, charged කිරීම හෝ භාවිතා කිරීම කළ නොහැකි බව ගුවන් සමාගම් සිකුරාදා නිවේදනය කළා.
මෙම ආරක්ෂිත පියවර සියලුම දේශීය සහ ජාත්‍යන්තර සේවාවන් සඳහා අදාළ වන අතර, කිසිදු නිදහස් කිරීමක් ලබා දෙන්නේ නැහැ.
මෙම සීමාවන් මොනවාද සහ ඒවා හඳුන්වා දෙන්නේ ඇයි?
සංචාරකයින්ට ගුවන් ගමන් වලදී portable power banks රැගෙන යා හැකි වුවත්, ඔවුන්ට තවදුරටත් ඒවා භාවිතා කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.
Mobile phones, laptops සහ headphones වගේ devices recharge කරගන්න අවශ්‍ය අයට, in-seat USB charging ports භාවිතයෙන් එය කරගන්න පුළුවන්. කෙසේ වෙතත්, එම ports භාවිත කරලා power banks charge කරන්න අවසර නැහැ.
ඒ වගේම මගීන්ට power banks පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක රැඳවීමටත් සිදු වෙනවා.
එක් එක් ගුවන් සේවා සමාගම අනුව ගෙන යා හැකි power banks වල Maximum Capacity එක සහ එය රඳවා තබාගත යුතු ස්ථානය තරමක් වෙනස් වෙනවා.