මහා බාධක කොරල්පරයේ සුන්දර දසුන්

  • Home
  • /
  • Blog
  • /
  • මහා බාධක කොරල්පරයේ සුන්දර දසුන්

වර්ග සැතපුම් 133,000 (වර්ග කිලෝමීටර් 348,700) ක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් පැතිරිලා තිබෙන මහා බාධක කොරල් පරය ස්වභාවධර්මයේ විශිෂ්ටතම කලාකෘති වලින් එකක්. ඕස්ට්‍රේලියාවේ නරඹන්න තිබෙන සුන්දරම ස්ථාන වලින් එකක් වන මෙය Queensland වෙරළට ඔබ්බෙන් පිහිටා තිබෙනවා.

100 ගණනක් වූ නිවර්තන සමුද්‍ර ජීවීන් වගේම විචිත්‍රවත් කොරල්පර වල ස්වභාවික සුන්දරත්වය සියැසින්ම දැකගන්න තිබෙන මේ අවස්ථාව මගහැර ගන්න එපා.

Snorkeling සහ කිමිදුම් චාරිකා තමයි මෙම අද්විතීය සුන්දරත්වය දෙස සමීපව බලන්න හොඳම ක්‍රමය. ඒ වගේම catamaran නෞකාවක හෝ දර්ශනීය ගුවන් ගමනකින් ද මෙම දැවැන්ත කොරල් පරයේ විශ්මයජනක දසුන් දැක ගන්න පුළුවන්. මහා බාධක කොරල් පරය නරඹන්න යාමට වඩාත් ජනප්‍රියම ස්ථානය Cairns වුණත්, ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ විවිධ ස්ථාන වලින් ද පිටත් වෙන චාරිකා තිබෙනවා.

මහා බාධක කොරල් පරය නරඹන්න යන්න හොඳම කාලය වෙන්නේ මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය. මේ කාලයේදී කාලගුණය ඉතා පැහැදිලිව ජලය හරහා දැක ගන්න ඉඩ දෙනවා වගේම හොඳ පරිසර උෂ්ණත්වයක් ද ලබා දෙනවා.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025