මිලියන 3ක් පාඩු කළ අළු බඳුන ජයග්‍රහණය

  • Home
  • /
  • News
  • /
  • මිලියන 3ක් පාඩු කළ අළු බඳුන ජයග්‍රහණය

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පවතී සුප්‍රසිද්ද අළු බඳුන ක්‍රිකට් තරඟය දවස් 2ක් තුළ නිම වීම නිසා Cricket Australia හට ආරම්භක තරගයෙන් ඩොලර් මිලියන ගණනක පාඩුවකට මුහුණ දීමට සිදු වුණා.

Travis Head ගේ විශ්මයජනක අළු බඳුන ශතකය සහ එංගලන්තයේ ආක්‍රමණශීලී පිතිකරණය හේතුවෙන් පර්ත් හි පැවති පළමු තරගය දෙවන දිනය අවසානයේ අවසන් වුණා.

මේ හේතුවෙන් Cricket Australia වෙත තුන්වන සහ හතරවන දින සඳහා වන ටිකට් ආදායමෙන් ඩොලර් මිලියන 3 කට වඩා පාඩුවක් සිදු වෙනවා.

මෙම ටෙස්ට් තරඟය නැරඹීමට සිකුරාදා 51,531 ක්, පසුව 49,983 ක් වශයෙන් වාර්තාගත 101,514 ක පිරිසක් සහභාගී වුණා. ඒ අනුව මෙය පසුගිය වසරේ පර්ත් හි පැවති ඉන්දියාව දින හතරකින් ජයග්‍රහණය කළ තරඟය නැරඹීමට පැමිණි වාර්තාගත 96,463 ක පිරිස ඉක්මවා ගියා.

තුන්වන දිනය සඳහා වන ටිකට්පත් ද සියල්ලම පාහේ විකිණී තිබුණා.

මේ අනුව ඉදිරි දින කිහිපය සඳහා ටිකට්පත් මිලදී ගත් පුද්ගලයින්ට Cricket Australia හි ප්‍රතිපත්තිය අනුව එම මුදල් ආපසු ගෙවනවා.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025