ශ්‍රී ලංකාවේ වැඩිම T20 ලකුණු ලාභියා පැතුම්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ වැඩිම T20 ලකුණු ලාභියා පැතුම්

පසුගිය දා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පාකිස්තානයේදී පැවති තරඟයේදී නොදැවී ලබාගත් ලකුණු 98ත් සමග පැතුම් නිස්සංක ශ්‍රී ලංකාවේ වැඩිම T20 ලකුණු ලාභියා බවට පත් වෙනවා.

ඒ අනුව ඔහු රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 2326ක්. පැතුම් මෙම ලකුණු රැස් කර ඇත්තේ 2021 සිට 2025 දක්වා තරඟ 77 කදී ඉනිම් 76ක් තුළ පන්දු 1833කට මුහුණ දෙමින්. 

මේ අතරට 1 ශතකයක් සහ අර්ධ ශතක 18ක් ඇතුළත්. ඔහු රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 107ක් වන අතර සාමන්‍යය ලෙස 32.30ක් දැක්වෙනවා. ඔහුගේ මුළු ලකුණු 2326ට 4 පහට 237ක් සහ 6 පහර 63ක් ඇතුළත්.

මෙහි 2වන ස්ථානයේ රැඳෙන්නේ ලකුණු 2305ක් රැස් කර සිටින කුසල් ජනිත් පෙරේරා වන අතර ලකුණු 2232ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් 3වන ස්ථානය හිමිකර ගන්නවා.

4වන ස්ථානය හිටපු සුපිරි පිතිකරු TM ඩිල්ශාන් හිමිකර ගනිද්දී 5වන ස්ථානයේ පසුවන්නේ දසුන් ශානකයි. 6 වන ස්ථානය හිටපු නායකයෙක් වගේම සුපිරි පිතිකරුවෙක් වන මහේල ජයවර්ධනට හිමි වෙනවා.

ඒ වගේම පැතුම් නිස්සංක ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිතිකරණ ලයිස්තුවේ 3වන ස්ථානයේ රැඳී සිටිනවා.

Image credit: www.news18.com 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025