සුමාත්‍රාවේ කම්පනය නිසා ලංකාවට සුනාමියක් එනවද

  • Home
  • /
  • News
  • /
  • සුමාත්‍රාවේ කම්පනය නිසා ලංකාවට සුනාමියක් එනවද

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා වෙරළට ආසන්නයේ රික්ටර් මාපක 6.6 ක් භූකම්පනයක් ඇති වී තිබෙනවා.

මේත් සමගම ශ්‍රී ලංකාවට බලපාන සුනාමි අවධානමක් පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශා කරන්නේ සුමාත්‍රාවේ භූ කම්පනය නිසා ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි. කෙසේ වුවත් ආසන්න වෙරළබඩ ප්‍රදේශ වල ජනතාවට ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට බලපාන අයහපත් කාලගුණ තත්වය නිසා රට පුරා බොහෝ ප්‍රදේශ වල ජනතාව පීඩාවට පත්ව සිටින අතර අධික වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 56කට පමණ දිවි අහිමි වී ඇති අතර අතුරුදහන් වූ සංඛ්‍යාව 22ක්. මරණ අතරින් වැඩිම සංඛ්‍යාව වන 19ක් වාර්තා වෙන්නේ බදුල්ලෙන්.

පස් කඳු කඩා වැටීම් ඇතළු ආපදා රැසක් හේතුවෙන් පවුල් 12,313ක පුද්ගලයින් 43,991ක් හානියට පත්ව සිටිනවා.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025