ටෝකියෝ පසුකර ලොව වැඩිම ජනගහනයක් වාර්තා කළ නගර

  • Home
  • /
  • Blog
  • /
  • ටෝකියෝ පසුකර ලොව වැඩිම ජනගහනයක් වාර්තා කළ නගර

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ megacity එක ලෙස දිගු කලක් තිස්සේ කිරුළු දරා සිටියේ ජපානයේ ටෝකියෝ නගරය යි. නමුත් නවතම වාර්තාවකට අනුව ටෝකියෝ නගරය 

තුන්වන ස්ථානය දක්වා ඇද දමමින් වෙනත් නගර 2 පෙරමුණට ඇවිත් තිබෙනවා. 

ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර 2050 වන තෙක් එය පළමු ස්ථානයේ රැඳෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඩකා නගරයේ නැගීමත් සමඟ බංග්ලාදේශ අගනුවර ද මෙහි ඉහළින්ම සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එක්සත් ජාතීන්ගේ නව වාර්තාවකින් පෙන්නුම් කරන්නේ megacity (මිලියන 10 ක් හෝ ඊට වැඩි ජනගහනයක් සිටින නගර) ගණන 1975 දී 8 සිට 2025 දී 33 දක්වා 4 ගුණයකින් වැඩි වී ඇති බවයි. ඒවා ප්‍රධාන වශයෙන්ම ආසියාවේ පිහිටා තිබීමත් විශේෂත්වයක්.

1950 තරම් මෑතදී, නගරයක ජීවත් වීම අතිශයින් අසාමාන්‍ය වූ අතර ලෝක ජනගහනයෙන් 20% ක් පමණක් නගරයක ජීවත් වුණා.

දශක ගණනාවක් තිස්සේ ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ නගරය ලෙස නම් කර ඇති ටෝකියෝවේ පසුගිය වසර 25 තුළ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා.

මිලියන 33.4 ක ජනතාවක් ජපාන අගනුවර තම නිවහන ලෙස භාවිත කරන අතර, එය පසු කර යාමට ජකර්තා සහ ඩකා සමත් වී තිබෙනවා.

2000 සිට මෙම නගර දෙකෙහි ජනගහනය පිළිවෙලින් ටෝකියෝවේ ජනගහන වර්ධනය මෙන් 5 ගුණයකින් සහ 7 ගුණයකින් වැඩි වී තිබෙනවා.

අද වන විට, ජකර්තාහි ජනගහනය මිලියන 42 කට ආසන්න වන අතර, ඩකාහි ජනගහනය මිලියන 37 කට ආසන්න වෙනවා.

2050 වන විට, ඩකාහි ජනගහනය මිලියන 52.1 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ජකර්තා ඉහළම ස්ථානයට පත්ව ඇත්තේ 300,000 අගයකින්. 

2050 වන විට ටෝකියෝව ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයට පහත වැටෙනු ඇති අතර, ෂැංහයි සහ නවදිල්ලිය වැනි නගර විසින් එය අභිබවා යනු ඇත.

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025