350ක් මිය යද්දී 366ක් අතුරුදහන් කළ ලංකාවේ ඛේදවාචකය

  • Home
  • /
  • News
  • /
  • 350ක් මිය යද්දී 366ක් අතුරුදහන් කළ ලංකාවේ ඛේදවාචකය

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් රට පුරා ප්‍රදේශවල පුද්ගලයින් රැසක් පීඩාවන්ට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9ට නිකුත් කළ නිවේදනයට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 355ක් මිය ගොස් ඇති අතර අතුරුදහන්ව ඇති සංඛ්‍යාව පුද්ගලයින් 366ක්.
මෙම වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාව වන 88ක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 71ක්, කුරුණෑගලින් 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150ක්, නුවරඑළියෙන් 62ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 46ක්, සහ කුරුණෑගලින් පුද්ගලයින් 35ක් අතුරුදහන් පුද්ගලයින් ලෙස නම් කර තිබෙනවා.
ඒ වගේම පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් මේ තත්ත්වය යටතේ පීඩාවට පත්ව සිටිනවා.
අතුරුදහන් වූවන් සොයා දැනටමත් රට පුරා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ආපදාවන්ට පත් වූවන් වෙනුවෙන් රට පුරා ජනතාව ඉතාමත් උනන්දුවෙන් සහන සැලසීමේ කටයුතු සිදු කරගෙන යනවා.
විදේශ රටවල රජයන්ද මූල්‍යමය සහයෝගය වගේම විශේෂඥ කණ්ඩායම් ද ශ්‍රී ලංකාවට එවමින් සහයෝගය ලබා දෙමින් සිටිනවා.
ඒ වගේම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහ විදේශිකයින්ගේ සහයෝගයත් රජය ඉල්ලා සිටියා. ඒ සඳහා ඔබටත් සහය විය හැකි ආකාරය දැනගන්න කියවන්න: https://sannasa.com.au/archives/9832

Image credit: www.itv.com

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025