දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා ඇති කළ පුළුල් විනාශය පවුල දහස් ගණනක්, පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන් කර, නිවාස විනාශ කර, ආහාර, පිරිසිදු ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් කර තිබෙනවා.
බලපෑමට ලක් වූ පවුල්වලට සහාය වීම සඳහා ඔබගේ දායකත්වය ලබා දිය හැකි වෙබ් අඩවියක් ‘Stand With Sri Lanka‘ නමින් රජය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඔබගේ පරිත්‍යාග;
- අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීමට
- රෝග පැතිරීම වැළැක්වීම සඳහා පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සැලසීමට
- තුවාල ලැබූ සහ අවදානමට ලක්විය හැකි අය සඳහා හදිසි වෛද්‍ය ආධාර ලබා දීමට
- සියල්ල අහිමි වූවන් සඳහා තාවකාලික නවාතැන් සහ සහන කට්ටල ලබා දීමට දායක කර ගන්නවා.
මෙලෙස ඔබට විවිධ රටවල සිට මුදල් එවිය හැකි බැංකු ගිණුම් විස්තර සියල්ල ඒ හරහා විශ්වසනීය ලෙස ලබාගන්න පුළුවන්.
ඉතින් ඔබටත් https://donate.gov.lk/ යන link එකෙන් එම වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්.
Image credit: https://donate.gov.lk/