විපතට පත් අපේම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අත හිත දීමට ඉතා උනන්දුවෙන් ඉදිරිපත් වී සිටින ඔබ සඳහාම, ඒ සඳහා දායක විය හැකි ක්‍රම රැසක් අපි ඔබට ගෙන ආවා. මේ කියන්නේ ඒ සඳහා Melbourne හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා සලසා දී ඇති පහසුකම් පිළිබඳවයි.
ආපදා සහන ආධාර සඳහා මූල්‍ය පරිත්‍යාග ලබා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල/තනතුරු වලට අවසර දී තිබෙනවා. ඒ අනුව තමයි ඔබේ ආධාර Melbourne වල ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල බැංකු ගිණුම හරහා යොමු කළ හැකි වන්නේ.
එහිදී AUD වලින් මුදල් යොමු කරන පිරිස සඳහා ANZ බැංකුවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් බැංකු ගිණුම වෙත මුදල් යොමු කළ හැකි අතර වෙනත් මුදල් ඒකක වලින් මුදල් එවන පිරිස සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමක් ද හඳුන්වා දී තිබෙනවා.
ඒ සියලු විස්තර මෙහි දක්වා ඇති කොන්සල් ජනරාල් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. ඒ වගේම අවශ්‍ය Emergency Equipment ආදියත් දක්වා තිබෙනවා.
ඉතින් මේ තොරතුරු හරහා ඔයාට පුළුවන් ඔබේ දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන්න.
වැඩිදුර විස්තර දැනගැනීමට ඔබට පහත නිලධාරීන් සම්බන්ධ කරගත හැක.
Name: Ms Buddhika Fernando
Designation: Attaché
Contact Mobile No. (WhatsApp): +94 761 492 873
Email: mail@slcgmel.org
Name: Ms Nirosha Hewage
Designation: Consular Officer
Contact Mobile No. (WhatsApp): +94 718 356 477
Email: mail@slcgmel.org
වැඩිදුර විස්තර සඳහා www.slcgmel.org යන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
මෙහි සඳහන් වන්නේ 2025 දෙසැම්බර් 2 වන දිනට නිකුත් කරන ලද තොරතුරු බව කරුණාවෙන් සලකන්න. යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා www.slcgmel.org වෙබ් අඩවියට පිවිසෙන්න. එහෙමත් නැත්නම් දී ඇති නිලධාරීන් සම්බන්ධ කරගන්න.



Image credit: http://www.slcgmel.org