ගිම්හානය සාමාන්‍යයෙන් උදා වෙන්නේ උණුසුම් කාලගුණයක් සමඟයි. නමුත් ඕස්ට්‍රේලියාව පුරා Summer එක ආරම්භ වුණේ විවිධ කාලගුණ තත්ත්ව සමඟ. බටහිර ඕස්ට්‍රේලියාවේ අධික උණුසුම් තත්ත්වයන් පවතිද්දී රටේ ගිනිකොන දෙසින් අධික සීතල තත්ත්වයක් වාර්තා වෙනවා.
බටහිර ඕස්ට්‍රේලියාවේ, පර්ත් වල උෂ්ණත්වය සඳුදා සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ ගියා. එය එම නගරය ගිම්හානයේ ආරම්භ දිනයක දී සටහන් කළ ඉහළම උෂ්ණත්වය වෙනවා.
ඇතැම් ප්‍රදේශවල නිවාසවලට ලැව් ගිනි වලින්ද බලපෑම් ඇති වී තිබෙනවා.
මේ අතර, රටේ ගිනිකොන ප්‍රදේශය Summer එක පටන් ගත්තේ දැඩි සීතල කාලගුණයක් සමගින්. alpine කලාපය පුරා හිම වැටෙන අතර උෂ්ණත්වය සාමාන්‍යයට වඩා 15C තරම් පහත වැටී තිබුණා.
නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටැස්මේනියාව පුරා ස්ථාන රැසක් සඳහා දශක ගණනාවකට පසු ගිම්හානයේ සීතලම ආරම්භය ලෙස මෙය සටහන් වුණා. ඒ වගේම තද සුළං තත්ත්වයක් ද පැවතුණා.