අධික ලෙස ඉහළ යන උෂ්ණත්වය

  • Home
  • /
  • News
  • /
  • අධික ලෙස ඉහළ යන උෂ්ණත්වය

මේ සතියේ ඕස්ට්‍රේලියාවට 4000km ක heatwave එකක බලපෑම් ඇති වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, බටහිර ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල සිට දකුණු ඕස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් දක්වා උෂ්ණත්වය ඉහළ යනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා.

පර්ත්හි පදිංචිකරුවන්ට ගිම්හානයේ පළමු දවසම ඉතා උණුසුම් දිනයක් වුණා. මෙම සතිය මුලදී බටහිර ඕස්ට්‍රේලියාව පුරා ඇති වූ උණුසුම් තත්ත්වය තවත් නැගෙනහිරට පැතිර ගොස් මධ්‍යම සහ දකුණු ප්‍රදේශවලට බලපෑම් එල්ල කරනවා.

“WA හි දැඩි රස්නය, දැන් රටේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට ගමන් කර ඇති අතර, පසුව එය රටේ ගිනිකොන දෙසින් තවදුරටත් ගමන් කරනු අපට දැකගත හැකිය” යනුවෙන් කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean Narramore, NewsWire වෙත පවසා තිබුණා.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025