මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් 2025/12/04 දිනට Rebuilding Sri Lanka අරමුදලේ යාවත්කාලීන තත්ත්වය පිළිබඳව දැනුවත් කළා.
Rebuilding Sri Lanka වෙත මුදල් ලබා දෙන ලෙස කළ ඉල්ලීම අනුව, විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් එම ගිණුමට මුදල් බැර කරමින් පවතින බව එහිදී ඔහු දන්වා සිටියා. ඒ අනුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙන තොරතුරු වලට අනුව ලංකා බැංකුවේ ගිණුමට රුපියල් මිලියන 635කට අධික මුදලක් ලැබී ඇති බව ලංකා බැංකුව විසින් දන්වා තිබෙනවා.
මීට අදාළව තැන්පතු 30,470 කට වඩා අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා මහා බැංකුව වෙත මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ අනුව සමස්ත ප්‍රමාණය රුපියල් මිලියන 697,476 ඉක්මවා ගිය ප්‍රමාණයක් බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් දන්වා ඒවා ඇති බවද එහිදී ප්‍රකාශ කළා.
එලෙස මුදල් ලැබී ඇති රටවල් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ වන විට වැඩිම මුදල ප්‍රංශයෙන් ලැබී ඇති අතර ඊට අමතරව කැනඩාව, ඇමරිකාව, වගේම කොරියාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත් සඳහන් කෙරුණා.
සමස්ත විදිහට රටවල් 33කින් මේ වන විට මුදල් ලබා දී තිබෙනවා.
මෙලෙස විදේශයන්ගේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සහ ශ්‍රී ලංකාවට ආධාර උපකාර කරන විදේශිකයන්ගෙන් හා ආයතන වලින් මෙම මුදල් ලැබී තිබෙනවා.
ලෝක බැංකුවේ මැදිහත් වීම තුලින් මේ ව්‍යසනය පිලිබඳ කඩිනම් අලාභානි ඇස්තමේන්තු කිරීමේ වාර්තාව සූදානම් කරමින් සිටින අතර එම වාර්තාව දවස් 14 කින් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා. එම වාර්තා පදනම් කරගෙන මාර්ග, වැව් අමුණු, රෝහල්, පාසල්
යාන්ත්‍රනය යතා තත්ත්වයට පත්කරන බවත් ප්‍රකාශ කළා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මෙහෙයුම් සඳහා අවශ්‍ය ලෙස නිවේදනය කළ භාණ්ඩ ලැබෙමින් පවතින බව ද රේගුව මගින් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බවත් එහිදී සඳහන් කෙරුණා.
ඒ වගේම ඉදිරියේදී ද Rebuilding Sri Lanka අරමුදල සම්බන්ධව දිගින් දිගටම තොරතුරු ලැබුණු විගස දැනුවත් කරන බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවා.