NSW මැද වෙරළ තීරයේ ඝන පඳුරු හරහා ඇවිළෙන ගින්නකින් නිවාස හතරක් විනාශ වී තිබෙනවා.
NSW Rural Fire Service හි ප්‍රකාශකයෙකු පැවසුවේ ගින්නෙන් නිවාස විනාශ වී ඇති බවට වාර්තා ලැබුණු නමුත් කාර්ය මණ්ඩලයට තවමත් ඇතුළට ගොස් හානිය පරීක්ෂා කිරීමට සිදු වූ බවයි.
ගින්න හෙක්ටයාර 1400 ක් පුරා පැතිරී ඇති අතර විවිධ දිශාවන් දෙකකින් හමන අක්‍රමවත් සුළං හේතුවෙන් එය ඇවිළෙමින් තිබුණා.
Pacific අධිවේගී මාර්ගයේ දෙපසම දැවෙන ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් උත්සහ දරමින් සිටිනවා.
සිකුරාදා දහවල් තත්ත්වය ලිහිල් වීමත් සමඟ ගිනි නිවන අනතුරු ඇඟවීම අඩු කරන ලද නමුත් සිඩ්නි සිට 250km ක් පමණ උතුරින් පිහිටි Crawford ගඟේ පදිංචිකරුවන්ට නැවත නිවෙස් බලා නොයන ලෙස සහ අවදානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
NSW Rural Fire Service District Manager Ugo Tolone, Nine News වෙත පැවසුවේ එය “ඉතා නරක” බවයි.
“මේ මොහොතේ අපි මෙම ගින්න ගැන සැලකිලිමත් වන අතර, හැකිතාක් අවම කිරීමට අපට හැකි සෑම දෙයක්ම අපි කරමින් සිටිනවා” යනුවෙන් ඔහු පවසා තිබුණා.
සෙනසුරාදා වයඹ දෙසින් හමන සුළං පුරෝකථනය කිරීමට පෙර, Nerong පදිංචිකරුවන්ට උපදෙස් දී ඇත්තේ ගින්නෙන් තර්ජනයට ලක් වුවහොත් ආරක්ෂිතම විකල්පය ලෙස කලින් පිටව යාම හෝ ආරක්‍ෂිත ස්ථාන වල නවාතැන් ගන්නා ලෙසයි.
MI Pacific Highway එකේ දෙපසටම ගමන් ගන්න එක් මංතීරුවක් නැවත විවෘත කර ඇති නමුත් වයඹ දෙසින් හමන සුළං නිසා සෙනසුරාදා එය නැවත වසා දැමිය හැකි බව මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවා තිබෙනවා.
“අනතුරු ඇඟවීමකින් තොරව මාර්ග වසා දැමිය හැකියි” යනුවෙන් බලධාරීන් දක්වා තිබුණා.